(හර්ෂණ තුෂාර සිල්වා)
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය.
සුළි කුණාටු තත්ත්වය ‘මෝරා‘ නමින් නම් කර ඇති අතර එය දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව පැවසේ. දිවයිනේ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලින් විටින් විට හමන සුළං පැයට කිලෝමීටර 80ක් දක්වා වැඩිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද පවසයි.
උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර කිඹුල් තර්ජනයක් තියෙනවා කියලත් ආරංචියි. පරෙස්සම් වන්න...