(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු කි‍්‍රයා පිළිවෙත අනුගමනය කර ඇතිද යන්න පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (23) වාර්තාවක් කැදවන බව ජාතික පොලිස් කොමිසම කියයි.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත ක‍්‍රමයට සිදු වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවත් ඒ අනුව පොලිස්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාව කැදවන බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
නියෝජ්‍ය කතානායකවරයා මෙම ලිපිය ඉකුත් (19) දින ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති බවද ලේකම්වරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු යම් නිශ්චිත කාරණයක් සදහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේනම් මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වුයේ කථානායකවරයා දැනුවත් කර එසේ කිරීමයි. පාඨලී චම්පික මන්ති‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමේ දී ඒ සදහා සහභාගි වු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයා ඇතුලූ පොලිස් කණ්ඩායම අදාල මන්ති‍්‍රවරයාගේ නිවසට ගොස් පාර්ලිමේන්තුව දැනුවත් කර ඇත්තේ දැයි විමසු අවස්ථාවේ එම නිවසින් පිටතට පැමිණ ප.ව 6.57 ට දුරකතනයෙන් මා අමතා අත්අඩංගුවට සිදු කළ බවට දන්වන ලද බවද නියෝජ්‍ය කථානායකවරයාගේ ලිපියේ සඳහන් වේ.
මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමන කළ යුතු කි‍්‍රයා පිළිවෙත මෙම අවස්ථාවේ සිදුව නොමැති බවට තමන් විශ්වාස කරන බවත් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කර නිසි පියවර ගන්නා ලෙසට නියෝජ්‍ය කතා නායකවරයා සිය ලිපියෙව් වැඩිදුරත් දන්වා ඇති බවද කොම්සම් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
ඊට ඉස්සෙල්ලා පොලිස් කොමිසම රටේ ජනතාවට කියන්න ශානි අබේසේකර කියන දක්ෂ අපක්ෂපාති පොලිස් නිලධාරියාව තත්වය පහත් කොට මාරු කලේ ඇයි කියලා ...?
මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මන්ත්‍රීවරයෙක් ඕන ජඩවැඩක් කරලා අහුවුණොත් පොලිසියට බැහැ අත ගගා ඉන්න. බෙල්ලෙන් අල්ලලා කූඩුවට දමනවා මිසක. සමහරවිට කතානායකට කෝල් කළානම් කතානායක කියාවි ගොඩින් බේරාගන්න.. ඔන්න ඔහේ ඇපයක් පිට නිදහස් කරන්න "කියලා. අපි නොදන්නා දේශපාලුවන්නේ. එකම වල්ලේ පොල්නේ. අනික නීතිය කියන එක රටේ කාටත් සාධාරණ විය යුතුයි. අපේ රටේ නීතිය ජනාධිපතිට එකක්. මන්ත්‍රීට එකක්. අහිංසක රට වැසියෙකුට එකක්. ඇමෙරිකාවේවත් නැති නීති තිබෙන මහා පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන ශිෂ්ඨාචාර ගතවී නැති ගෝත්‍රිකයින් රට කරවන දූපතක තමයි අවාසනාවට අප ජීවත්වන්නේ. ඔහොම යමුකෝ... මේ සියල්ලටම මුල පසුගිය රජයේ "හොරු" අල්ලපු නැති එකයි. දැන් හොරු එළියේ... හොරුන්ව අල්ලලා දුන්නු පොලිසියේ අය කූඩුවේ.. නැත්නම් පණ බේරාගෙන රට පැනලා...
පාඨලී අහිංසක මනුස්සයව හප්පලා මග මැරෙන්න දාලා පැනල ගිහින්, රියැදුරාව වෙනස්කරලා, සී සී ටී වී මකලා, නීතිය නවද්දී. පොලිස් කොමිසම නිදාගෙනද හිටියේ? කතානායක මැරිලද හිටියේ? බොරු බයිලා තමයි. පාඨලී බෞද්ධ නායකයෙක් නොවෙයි. බුද්ධාගමේ ලේබලය ගහගෙන බෞද්ධාගමට නිගාකරන , බෞද්ධයන් නොමග යවපු පුද්ගලයෙක් !
බඩුත් හාමුදුරුවන්නේගේ නඩුත් හාමුදුරුවන්ගේ ඉතින් කාට කියන්දෝ ....!!!
පොලිසියෙන් මොකටද ඔය හමුදාව ඉන්නේ හැමතැනම.
සම්ප‍්‍රදාය කැඩීම මිසක් නීතියක් කඩලා නැති නිසා තමයි බය නැතුව කොමිසමේ ලේකම් ඔය වගේ වැඩක් කරන්න ඇත්තේ. ශානී වෙනුවෙන් කතා නොකරපු කොමිසම
හොරාගෙ අම්මගෙන් පේන ඇහිල්ල හරියටම හරි ගියා නේද?
මෙහි බහුතරයක් කමෙන්ට්ස්වලින් තේරෙන්නේ අපේ රටේ මිනිස්සු වාහන පැද්දට මාර්ග නීති දන්නේ නැහැ කියලා. වාහන අනතුරු වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
ඔය වැඩටික හමුදාවට බාරදුන්න නම් නියමෙට කරලා තියයි .පොලීසිය වැඩක් කරොත් අනාගන්නවනේ.