රංජන් කස්තුරි
ළදරු කිරිපිටිවලට සහන ලබා දෙන අතර පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක්‍රමණය කිරීමට ඉඩ නොතබන බවද එහිදී ජනාධිපතිවරයා කීවේය.
කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර එය රටේ ආර්ථිකයට දැඩිව බලපා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
ඇස්බැස්ටස් නතර කළා. පොලිතීන් නතර කළා. කිරිපිටිත් නතර කළා ඔන්න. බියර් පටන්ගත්තාම කුඩුත් නතර වෙයි. බලාගෙන ඉන්ටකෝ..
අප ජනපති තුමනි , ඔබතුමා පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට තීරණය කිරීම ඉතාමත් කාලෝචිත වැඩ පිළිවලක ආරම්භයක් වශයෙන් මම දකිනවා. මොකද අහිංසක අප කිරි නිෂ්පාදනය කරන ලාංකික කිරිගොවි මහතුන් මහත්මියන් තව තවත් දිරිමත් වෙනවා ඔබතුමාගේ මෙම නව හැරවුම් ලකුණ තුලින් . අපි හෙට සිට හැම නගරයකම නැවුම් කිරි අලෙවි හලවල් ආරම්භකරමු ජය පතමි !!!
ගොඩක් හොඳ දෙයක්.
ලංකාවේ ළදරු කිරිපිටි පරිභෝජනයන්ට ගැලපෙන උසස් නිෂ්පාදනයන් රට තුල නිෂ්පාදනය කළ හැකි නම් ලොකු දෙයක්.
පාට, පක්ෂ අදාල නැත. ඉතා හොඳ තීරණයක්. වඩාත් වැදගත් වනුයේ මෙම තීරණ නිසිලෙස ක්‍රියාත්මක වන්නේද යන්නයි.
ඉතාමත් කාලෝචිත තීරණයක්. නමුත් ඊට පෙර අප රටේ ඉතා දරුණුවට සිදුවන ගවමස් වෙළඳාම අවම කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කළොත් නරකද? මොකද බොහෝ ප්‍රදේශවල කිරි ගවයන් පවා හොර පාරෙන් මස් කඩයට දක්කන බව ඔබතුමා නොදන්නවා විය හැකියි.
බොරුවට පිටරට දේ ගැන කතා කරන අය සාප්පුවලට ගිහින් හොයන්නෙ නිෂ්පාදනය කොහෙද කියන එක. අපේ රටේ ළදරුවන්ට පමණක් නොව දරුවන්ටත් හොඳ දෙයක් රට තුලම නිෂ්පාදනය කළහැකි නම් කිරිපිටි සහ ළදරු ආහාර. කොහෙද අපේ මිනිස්සු අපිට විකුණන්නෙම ජරාව.
වාර්ෂිකව වැය කරන මුදලට වඩා මේ කිරි පිටි වල ශරීරයට අහිත කරන දේවල් ගැබ් වී ඇතිදැයි සොයා බැලුවොත් නරකද. ලංකාවට ආනයන කරන කිරි පිටි හා ආහාර වල බොරු විටමින් පදාර්ථ ලේබල් ගැන සොයා බලන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ අනෙකුත් නිලධාරීන් සඳහා ගෙන්වන සුඛෝපභෝගි වාහන සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය වන බවත් ඔබ නොදනී ද?
නිතරම මෙතුමාගේ ප්‍රකාශ, යෝජනා නම් බොහොම වටිනවා.
එතුමාගේ අදහස් ඉතා හොඳයි. නමුත් ඒවා ප්‍රායෝගිකව සිදු වෙනවා නම් ඉතා හොඳයි. එතුමා කියන දේවල් තවම එකක්වත් ප්‍රායෝගිකව ඉටු වෙලා නෑ. පරිසර විනාශය වැඩි වෙලා. පොලිතින් ආක්‍රමණය තවමත් එහෙම්මයි. කිරිපිටි සමාගම් දේශපාලකයොත් එක්ක ගිවිසුම් ගහලා කියලා එතුමාම කියනවා. ඇයි බලතල පාවිච්චි කරලා ඒවා නතර නොකරන්නේ?
ඉතා හොඳ තීරණයක්. මෙය මෙම අය වැයේ සිටම ක්‍රියාත්මක කරමු. රට ගොඩ නගමු, පිටරට කිරි වර්ජනය කරමු.
පිටරට කිරිපිටි තහනම් කරන්න ඉස්සෙල්ලා ලංකාවේ කිරි කර්මාන්තය ගොඩ නගල ඉන්න. ඊට පස්සේ ක්‍රම ක්‍රමයෙන් පිටරට කිරිපිටි වලට බදු වැඩි කරන්න ඔබතුමා ඉස්සෙල්ලම කරන්නේ මොකක් හරි දෙයක් එකපාරටම තහනම් කිරීමයි. ඊට පස්සේ විකල්ප සෙවීම පසෙක දමලා කොහේ හරි තිබෙන මගුල් ගෙදරක, මල ගෙදරක හරි විවෘත්ත කිරීමේ උත්සවයකට හරි ගිහින් තවත් මොකක්හරි දෙයක් ගැන සුරඟන කතා කියනවා. අන්තිමට දුක් විඳින්නේ රටේ ජනතාව වන අපි තමයි.