IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පිටකොටුවේ ලැගුම්හලකදී පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)
 
මත්වීම සඳහා භාවිතා කරන පුවක් කිලෝ 12 හා  සම  පැහැපත් කිරීම සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග  2,000 ක් සමඟ පාකිස්තාන  ජාතිකයෙකු පිටකොටුව මැලිබන් වීදිය ලැගුම්හලකදී  අද  (6)  කොටුව පොලිසිය මගින් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
 

සංචාරක වීසා මගින් සැකකරු ඉකුත්  4 දින  ලංකාවට පැමිණ ඇති අතර ඊයේ  (5) පිටකොටුවේ මෙම ලැගුම්හලට  පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.
 
සැකකරු සම්බන්ධයෙන්  ලැබුණ  තෙරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් සැකකරුගේ කාමරය වටලා මේවා අත්අඩංගුවට  ගෙන තිබිණි.
 
සැකකරුගේ කාමරයේ ගමන්මලු දෙකක මෙම භාණ්ඩ තිබී  ඇත. එම ගමන් මලු දෙකේ නීතිවිරෝධී සිගරට් 800ක්, ක්‍රීම් වර්ග 2000,  සහ මත්ව්ම සදහා භාවිතා කරන පුවක් ⁣කිලෝ 12 ක්   තිබු බව පොලිසිය පවසයි.
 
 



අදහස් (9)

පිටකොටුවේ ලැගුම්හලකදී පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට

chandima Friday, 06 March 2020 07:50 AM

මේ බෑග් පරීක්ෂා නොකර ගුවන් තොටුපොලින් පන්නා ගත්තේ කොහොමද?

:       0       80

Nuwan Friday, 06 March 2020 08:27 AM

ඔය රටින් නරකක් මිස හොදක් එන්නේ නැහැ.

:       223       140

GamageFriday, 06 March 2020 09:21 AM

ඔය රටින් අපිට හුඟක් හොඳ දේවල් වුණා. යුද්ධ කාලේදී අපිට කරන්න බැරි හුඟක් දේවල් පාකිස්තානු ගුවන් හමුදා භටයන් අපේ ගුවන් යානා යොදාගෙන කළා. ඒ මනුස්සයා මෙහෙන් පුවක් අරගෙන ගිහිල්ලා එහෙ විකුණනවා. එහෙන් මෙහෙට හම සුදුකරන ක්‍රීම් ගෙනැල්ලා මෙහෙ විකුණනවා. ඔය පිටරට මිනිස්සුන්ට වඩා අපේ අය අපේ රට විනාශ කරනවා. අපේ දෑස් පනාපිටම...

:       139       423

NuwanFriday, 06 March 2020 10:18 AM

තමන්ට යුද්ධ කාලේ උදව් කල පමණට බහුතර නරක දේවල් කරනකොට යුද්දේ කාලේ කොරපු දේවල් කියලා සුදු හුණු ගාන්න තරම් නිවටද? මේ රටවල් තමා ඉස්ලාම් අන්තවාදේ සහ කුඩු ලෝකේ වටේ පතුරන්නේ.

:       511       387

GunawardhanaFriday, 06 March 2020 10:22 AM

කිසිම දිනක ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයෙන් විදේශිකයන් මෙහෙම වුණේ නැහැ. වහාම බොරුව නිවැරැදි කරන්න. ඉඳුරාම මට ඒ ගැන සහතික වෙන්න පුළුවන්... පාකිස්තානයෙන් අපි අවි මිලදී ගත්තා.

:       65       1

GamageFriday, 06 March 2020 10:38 AM

හොඳ මිනිස්සු, නරක මිනිස්සු හැම සමාජයකම ඉන්නවා. අපි දෑත් එක්කර වඳින අපේ ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා ගැන විටෙක අපි වඳින්නේ මොකටද කියලා හිතෙනවා මේ වගේ දේවල් කරන කොට? නමුත් අපි හැම ස්වාමීන් වහන්සේලාම ඒ ගොඩට දාන්නේ නැහැ. මිනිස්සුන්ගේ හොඳ දකින්න පුරුදු වෙන්න. නරක ඉබේ සැඟවිලා යාවි. ජීවිතය ලස්සන වේවි...!!!

:       0       3

Walter WhiteFriday, 06 March 2020 11:14 AM

රත්තරන්, සාරුවා, තංගල්ලේ සභාපති ඉන්නවා. යසඅපූරු චරිත සහතික තියෙන උදවිය.., ඔවුන් හැමෝම සිංහල බෞද්ධ අය... පාකිස්ථානයෙන් අපට උදව් ලැබිලා තියෙනවා. යුද්ධය කාලයේ විතරක් නොවේ තවමත් උදව් ලැබෙනවා. ඔවුන්ගේ රටේ ආර්ථික අර්බුදයක් තියෙද්දිත් ලංකාවේ ළමයි 1000කට පූර්ණ ශිෂ්‍යත්ව දීලා තියෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න... ඒක නරකක්ද? හොඳක්ද?

:       4       0

ධම්ම Friday, 06 March 2020 08:31 AM

ක්‍රීම් ටික මෙහෙදී විකුනාගත්තාම එන ටිකට් එකේ ගාණ හරි. පුවක් ටික එහෙදි විකුනාගත්තාම යන ටිකට් එක කවර්. එහෙම තමයි පකිස්තානුවෝ සංචාරය කරන්නේ. මෙයා තක්කඩියෙක්ම කියන්න අමාරුයි. ගුවන් තොටුපොලින් නිදහස් කරලා තියෙන්නෙත් ඒ අනුකම්පාව මත වෙන්න ඕනෑ.

:       244       319

damith Friday, 06 March 2020 10:24 AM

අම්මෝ, ලොකුම ලොකු හොරෙක් අල්ලගෙන වගේ...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site