නිමල කොඩිතුවක්කු
ඉදිරි පළාත් පාලන මැතිවරණයට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තරග කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්නන් මහතා ලංකාදීපයට පැවසීය.
අමාත්‍යවරුන් වන මනෝගනේෂන්, පී දිගම්බරන් ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග මේ දිනවල ඒ පිළිබඳ සාකච්ඡා සිදුකරන බවද ඒ මහතා සදහන් කළේය.
ඉදිරි පළාත් පාළන මැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ස්ථාවරය ලබන සතිය වනවිට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ සහයෝගය කාටද? අලියටද? අතටද?