( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්තාන රජයෙන් සහ ඊශ්‍රායල් රජයෙන් විශාල සහනාධාර තොගයක් අද (30) නිල වශයෙන් මෙරටට ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පකිස්තාන රජයේ සහනාධාර රැගත් ‘‘පිඑන්එස් සුල්ෆිකාර් ‘‘ නෞකාව අද (30) පස්වරුවේ කොළඹ වරායට ලඟාවිය.
ශ්‍රී ලංකාවේ වැඩ බලන පකිස්ථාන මහකොමසාරිස් වෛද්‍ය සර්ෆ්‍රාස් අහමද් කාන් සිප්රා මහාතා විසින් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහාතාට මෙම සහනාධාර භාරදෙනු ලැබූ බවද එම අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති ඩවුල් කමෝන් මහතා රවී කරුණානායක මහතා හමු වී ඊශ්‍රායල් රජයේ සහනාධාර තොගය නිල වශයෙන් භාර දුන්නේය.
රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් ප්‍රධාන පෙළේ රජ්‍යයන් 18ක් ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ආධාර ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් කරුණානායක මහතා එම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

(පකිස්තානයේ සහනාධාර තොගය නිල වශයෙන් පිරිනැමූ අයුරු)

(ඊශ්‍රායලයේ සහනාධාර තොගය නිල වශයෙන් පිරිනැමූ අයුරු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ආධාර එනකොට, අපේ කට්ටිය හැමදාම කුණාටු බලපොරෝතුවෙන් ඉඳියි.
පකිස්තානය කවදත් අප සමගයි. ස්තුතියි පකිස්තාන්!
මහත් අගයකලයුතු පරිත්‍යාගයක්.ඒ වගේම සුදුස්සන්ට මේ ආධාර ලබාදීම ඉතා වැදගත්.අවංක චේතනාවෙන් වැඩ කරන පිරිස අතර බොරදියේ මාළු බාගන්න හොරු නැතුවාම නොවෙයි..
අනේ ඊශ්‍රායලයෙන් ලොරියක ආධාර...හා හා බොහොම ස්තුතියි.
ඊශ්‍රායෙල් රට පසුගිය වතාවෙත් අපි සමග සිටියා. අපිට ආධාර කළා. එම රටේ ජනතාවටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වතාවෙත් අපිට දැක්වූ සහයෝගයට.