තමා පක්ෂ දේශපාලනයට එක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අද පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ‘ජනාධිපති තාත්තා‘ කෘතිය එළි දැක්වීමේ උත්සවය අමතමිනි.
‘රටේ පළමු වැනි පුරවැසියාගේ දරුවො වුණ අපිට මග තොට යද්දි අපිව රැස්කරගෙන අපි වටා හිඳිමින් අපිට ලබා දෙන පිළිගැනීම් සියල්ල හෙට දිනයේ තාත්තගේ තනතුරු නැතිව යන දවසට නැතිවී යන බව මා හොඳින් දන්නවා.
ඒ වගේම මම මේවිදිහට වැඩකරද්දි බොහෝ අය මගෙන් නිතරම අහනවා චතුරිකා ඔයා දේශපාලනයට එනවද කියලා. මම ඉපදුනේ දේශපාලනය වෘත්තිය කරගත් පියකුගේ වැඩිමහල් දියණිය ලෙසයි. නමුත් මම දකින දේශපාලනය, දේශපාලන ක්‍රියාවලිය පක්ෂ දේශපාලනය හෝ පාර්ලිමේන්තුවේ කරන බල අරගල දේශපාලනය හෝ නොවෙයි. මා දකින අදහන දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ සේවයයි. මට හැකි පමණින් මා මියෙනතුරා මා ස්වෙච්ඡා සේවිකාවක ලෙස සිදු කරන්නා වූ සේවය සිදු කරනවා. යැයි ද ඇය කීවාය.
ජනාධිපති තාත්තා ග්‍රන්ථය හිටපු ප්‍රධානීන්ගේ දියණිවරුන්ට පිළිගැන්වු අතර හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ දියණිය වන චන්ද්‍රිකා ඉරංගනී ගොපල්ලව, හිටපු අගමැති එස්.එඩ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායක මහතාගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය දුලාංජලී ප්‍රේමදාස, හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ දියණිය චිත්‍රාංගනී විජේතුංග, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ දියණිය යශෝධරා කුමාරණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ දියණිය වන ඊශා විජේවීර යන දියණිවරුන්ට පොත පිරි නැමිණි.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජනාධිපති පියා" නොකියා "ජනාධිපති තාත්තා" කියන සරළ යෙදීම තුලින් යමෙකුට චතුරිකා ගේ සිතුම් පැතුම් පිලිබඳ යම් අදහසක් ඇති කරගන්න හැකියාවක් තියෙනවා. එම ග්‍රන්ථය දොරට වඩින මොහොතේ ප්‍රේක්ෂක ජනතාවට දුන් පණිවිඩය ඇත්තෙන්ම ඇය කවුද කියා හඳුනා ගැනීමට පිටුවහළක්. ඒ කතාවට සවන් දුන් මා හට ඇතිවුන හැඟීම නම්, මේ වයසට ඇය මේ තරම් මුහුකුරා ගොස් ඇත්නම්, ඇගේ තාත්තාව දේශපාලන වශයෙන් පසුකර යන්න ඇයට වැඩි කලක් ගත නොවන බවයි. බණ්ඩාරනායක පවුලේ බාල දියණිය වන චන්ද්‍රිකා කුමාරණතුංග ට තම පියා හෝ මව දැක්වූ දේශපාලන පරිනත භාවයට ලංවීමට බැරි වුන බව රහසක් නොවෙයි. අනෙක් ජනාධිපති වරුන්ගේ දියණියන් සිටියේ ඊටත් වඩා පිටු පසින්. ලංකා ඉතිහාසය සිංහළ බෞද්ධ ඉතිහාසයටත් එහා යන ප්‍රාග් ඓතිහාසික සංසිද්ධියක්. එවන් ඈත අතීතයක සිට වර්ධනය වෙමින් ගලා ආ ජාන ප්‍රවාහය තුල සිංහළ බෞද්ධකම ලෝක උරුමයක් ලෙස මතුව ආ අන්දමත්, එම ක්‍රියාදාමය තුළ හෙළ කාන්තාව ඉටු කළ දැවැන්ත සමාජ මෙහෙවර දෙස ආපසු හැරී බලන මොහොතක අපට හමුවෙන විහාරමහා දේවිලා හෙටත් අප අතරේ බිහිවෙන්න පුළුවන් බව මෙනෙහි කරමින් "ජනාධිපති තාත්තාගේ" ආදරණීය දුවට දීර්ඝ මෙන්ම සාර්ථක ගමනක් ප්‍රාර්ථනා කරමි.
වෘත්තිය හොඳම දේශපාලනේ තමයි ලංකාවේ, හැමදාමත් සල්ලි තමයි. ගොවියෙකුගේ පුතෙක් ජනාදිපති වෙලා කෙසෙල් කොලේ බත්කාපු ජනාධිපති ඉන්නේ ලංකාවේ තමයි. පොළොන්නරුවේ ඉඳන් රට පාලනය කරන අපේ සරල ජනාධිපතිතුමා...
ජනපති දියණියගේ අදහස අදට හොඳින් ගැලපෙනවා. පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් තිබෙන්නේ කුලල් කා ගැනීම්, බල ලෝභය, වංචාව, පුළුවන් තරම් විරුද්ධවාදීන්ට මඩ ගැසීම, චරිත ඝාතනය, කකුලෙන් ඇද සංවර්ධනය අඩාල කිරීම වැනි කුමිනිස්කම් බව අපේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" ජනතාව හොඳින් දන්නා කාරණයකි. දේශපාලකයාගේ මනස වෙනස් කර ශ්‍රී ලංකාව සශ්‍රීක රටක් බවට පත්කිරීමට තව සියවස් ගණනක්වත් යන බව සක්සුදක් සේ පැහැදිලිය. රටට සේවය කිරීමට අතීතයේ නායකයන් සිටියා. දැනුත් එවැනි දූරදර්ශීව බලා රටට සේවය කිරීමට සැදී පැහැදී සිටින නායකයන් නැතිව නොවේ. එවැනි අයගේ සේවය නියම අන්දමින් රටට ලබාගැනීමට බැරිවීම ජාතියේ අවාසනාවකි. කන්ද කෙන්ද කර දිනපතාම දොස්තර, සයිටම් වැනි මෙකී නොකී නම් වට්ටෝරු වලින් රජයට අභියෝග කරමින් රටවැසියාට අපමණ හිරිහැර කරමින්, විරුද්ධ පක්ෂයට පන්දම් අල්ලමින් සිදුකරන වැඩ වර්ජන පසුගිය රෙජීම සමයේ නොතිබුනේ පොලිස් වෙඩි පහර කෑමට බියවූ නිසා නොවේද ? රජය ඉවසනවා වැඩිය කිවුවොත් එය සාවද්‍යයක් නොවේ !!!
ඔය පොත ලියපු එක්කෙනාට ඉක්මණට පොරොන්දු වූ විදියට සල්ලි ටික දෙන්න...
අප්පේ දේශපාලනයට යන්නේ නෑ කියලා අහපුවම තමයි හුස්ම පොඩ්ඩක් වැටුනේ.
අපි නම් ඉතින් රොකට් යැවීමේ සරල අත්පොත, නීති විද්‍යාල විභාගය උසස් ලෙස සමත්වීමේ මඟ, 'ආශ්චර්යමත් රටේ අයිතිකාරයා නැති බංගලාව, මිනී මෝරු දෙස බලා මානසික ආතතිය නැති කරගන්නේ කෙසේද?' වැනි රසවත් හරවත් පොත් ගොඩක් කියෙව්වා.
ඇත්ත කියන්න. ඕක ලිව්වේ ඔබතුමිය නෙවෙයි නේද ?
පිටිගල අයියේ ඔයා ආච්චි සහ මැණික් මල්ල ළමා කතාපොත කියවලා නැද්ද?
‘ජනාධිපති තාත්තා‘ යනු 2001 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ප්‍රසිද්ධ නාට්‍යයක නමයි. ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් නිෂ්පාදනය කළ එම නාටකයේ නම චතුරිකා විසින් ලබාගෙන ඇතැයි අප ස්ථිරවම පවසන්නේ ඇය තම පොතට එම සම්මානනීය නම යොදා ගැනීමට පෙර ඉන්දික ෆර්ඩිනැන්ඩු ආචාර්ය තුමන්ගෙන් නිකමට හෝ අසා අවසර ලබා ගැනීමක් හෝ දැනුම් දීමක් හෝ කර නැති නිසාය. එවැනි සදාචාරයක් රැකිය යුතුව තිබිණි. චතුරිකා කරන ලද සොරකම නිසා ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ රාජ්‍ය සම්මානලාභී නාට්‍යයේ පෙළ පොතක් ලෙස ප්‍රකාශනයට පත් කිරීමට දැන් ඉඩක් නැත.
පිටිගල, කොපමණ පොත් කියවලා තිබුනත් තාම හරිපොත කියවලා නැහැ. මිලානෝ මිනිසුන්ගේ මානසික ආතතියයි අපේ මිනිසුන්ගේ මානසික ආතතියයි ගොඩක් වෙනස්. ඒක බලා ගන්න ලංකාවට ඇවිත් ජීවත් වෙන්න, දැන් මොකද වෙන්නේ කියල බලන්න අපේ රටට. මිලානෝ වල ඉදන් පාට පාට බැලුන් උඩ යවන්නේ නැතිව.
පිටිගල, අනේ ඔයා අර ජ්‍යොතිෂ මල්ලී ලියපු "රත්තරන් අම්මා" කියවලා තියෙනවද? හරිම ස්වීට් අනේ. ඒකත් ඔය පරණ මූවී එකක නම හොරකං කරලා කිව්වනේ.
රටේ දැවෙන ප්‍රශ්න තියෙද්දී ඔය පොත කියවලා ඇති ඵලය මොකක්ද?
දියණියනි, මේ ජරා දේශපාලනයට එන්න නම් එපා.. රටට ජාතියට වැඩකරන්න.
මේ පොත මාධව ප්‍රේමතිලක කියලා කෙනෙක් ලියපු බවට සමාජ ජාලවල නම් කතාවක් යනවා..
මේ ප්‍රවෘත්තියේ සඳහන් පරිදි චන්ද්‍රිකාට පොත පිළිගන්වන්න ඇය ආවේ නෑ..
මැය මේ රටේ ජනතාවට අවංක වී නම් ලියවා ගත යුතුව තිබුනේ ‘ජනාධිපති තාත්තා‘ කියා ආඩම්බරකාර පොතක් නොව, දින සියයක් තුල ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වී පැමිණ දැන් වසර 3 කට ආසන්න වී නමුත් එය ඉටු කර ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන කණගාටු වී ඔහුට ඒ සඳහා බලපා ඇති බාධක හෙළිකරමින් ‘ජනාධිපතිධූර අහෝසි නොකළ තාත්තා‘ කියා පොතක් ලියවා ගැනීම ය. එවැන්නක් ප්‍රකාශයට පත් කෙළේ නම් එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට හේතුවනු නිසැක ය.
හෝටලේ ආදායම තියෙද්දී දේශපාලනයට එන්න ඕනේ නෑනේ...
පිටිගල අයියේ ඔයා කියවා තියෙනවද මල්වානේ මාලිගාව, ලැම්බෝගිනිය නොහොත් බරකරත්තය නවකතාව. මේවත් ඉතා රසවත්. එ්කාධිපති වියරුව කියන පොතත් කියවන්න ඕනේ යැයි සිතමි.
කොහොම නමුත් අපේ රටේ වත්මන් ජනපතිතුමා යහපත් ලෙස උගත් කමට රැකියාව ලබාගත් ග්‍රාමසේවක කෙනෙක්ව අතීතයේ සිටීම ගැනත් යහපත් පියෙකු මෙන්ම පුරවැසියෙකු වීම ගැනත් සන්තෝස වෙනවා.
හානා හීය පානා අඬහැරෙන් දැනේ..! ජනපති දියණියේ..