(හර්ෂණ තුෂාර සිල්වා)
පක්ෂයේ අනාගතය තහවුරු කිරීමටත් ගිලිහෙන පාක්ෂිකයන් එකමුතු කරගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා කොළඹදී අද (22) පැවැසීය.
රාජපක්ෂවරු කිසිවකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වීමට ඉඩ නොතබන බව ද දිසානායක මහතා එහිදි කීය.
රටේ ප්‍රගතිශීලි වමේ ව්‍යාපාරය, දේශප්‍රේමී ප්‍රජාව, එක්සත් ජාතික පක්ෂ විරෝධී අධිරාජ්‍ය විරෝධී ප්‍රජාවගේ නායකයා මහින්ද රාපජක්ෂ මහතා බවත් ජනතාව ඉල්ලන නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එම සත්‍ය තේරුම් ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
බත්තරමුල්ල ඒ මහතාගේ නිවසේ පිහිටි මාධ්‍ය හමුවකදී එම කරුණු සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙසේ ද පැවැසීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන සමුළුවට ගිය නිසා අපට අපේ පක්ෂයේ ඇතැම් අය අවලාද නැගුවා. ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහතා භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. අපට අවලාද නගපු අයත් ඒ භෝජන සංග්‍රහයට ආවා. එයින් එක් දෙයක් පෙන්නුම් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂය ගෝඨභය රාජපක්ෂ මහතාට අනුමැතිය දී ඇති බව එයින් පෙනී යනවා.
පක්ෂයේ කිහිපදෙනකු එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. එහෙත් අපි එදා ඉඳන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී පක්ෂයක්. අපි වමේ ව්‍යාපාරයක්. ප්‍රගතිශීලී සහ දේශප්‍රේමී පෙරමුණ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟයි. එහෙත් ඔවුන් සියලු දෙනා නිදහස් පක්ෂයෙන් ගිලිහුණා.
ඔවුන් අපෙන් ගිලිහෙමින් තිබෙනවා. ඒ සත්‍යය තේරුම් ගන්න ඕනේ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු හැදීම තමයි එයට හේතුව වුණේ. අපේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ බව නිරන්තරයෙන් කියනවා. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වුණාට අපේ පාක්ෂිකයෝ ඊට කැමැති වුණේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩුව හැදුවාම අපේ පක්ෂයේම අය විකල්පයක් හෙව්වා. එහෙම තමයි පොදුජන පෙරමුණ හැදුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක්. අද වමේ ව්‍යාපාරය, ප්‍රගතිශීලි සහ දේශප්‍රේමී ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව සිටිනවා.
පක්ෂයේ සහාය හිමිවෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි.
ප්‍රගතිශීලි වමේ ව්‍යාපාරයේ නායකයා බවට පත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂයි. ජනතාවගේ ඉල්ලීම වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ව්‍යාපාරයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ සත්‍ය අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමාද වෙලා හරි එය තේරුම් අරගෙන තිබෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ කොහොම වෙතත් ඔබතුමන්ලාගේ අනාගතය ගැන හිතල නේද ඔය ප්‍රකාශය කරන්නේ ? ජවිපෙ වෙනම ඉල්ලන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණය මෙම මැතිවරණයේදී ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඔබතුමන්ලා එම චන්ද සියල්ලම පොහොට්ටුවට දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදා කාලිකවම අනාත කරන්න හදන උත්සාහයට වගකිවයුත්තන් අහුනොවේවා කියලයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. තවදුරටත් යුද්ධය විකුණන්න බැරි නිසානේ කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ පෙරුමාල්ල වගේ අයටත් දැන් ඔබතුමන්ලාගේ පැත්තට එන්න ඉඩ දීල තියෙන්නේ. දැන් කතාව තියෙන්නේ ඕක නෙවේ. ඔබතුමන්ලාට තවම ආරංචි නැද්ද 20 වෙනිදා රාත්‍රියේ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේ පැවැත්වුණ සාකච්ඡාව ගැන.එජාපයේ සජිත් පාර්ශ්වය සහ ශ්‍රී.ල.නි.ප.එක්ව සජිත් ප්‍රේමදාස අගමැති කරමින් බිහිකිරීමට යන නව ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු බෙදාගැනීම පිළිබඳවලු එදා කතා බස් කලේ. අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් මඟින්ද ඉඟිකර තියෙන්නේ ශ්‍රී ලංකා 21 යි එජාප 97 අරගෙන ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලලු. එක ගලෙන් කුරුල්ලෝ රංචුවක්ම හමාර කරන්න හදන අයත් ඉන්නවා.
හොර, මැර, බොරු, කුඩු, බඩු යන පංච මහා බලවේගයම එකතු කරමු...
පක්ෂයේ අනාගතය දකින්න නම් ඔබ ඇතුළු දිව දෙකේ කතා කියන, පාට වෙනස් කරන කටුස්සා වගේ. ඒ කට්ටිය ඉල්ලා අස්විය යුතුයි. පක්ෂ නායකයා කියනවා. සභාපති කියනවා. මේ දෙන්නත් එළවන්න අලුත් තරුණ පරපුරට බාරදෙන්න. නැතිනම් ඡන්දෙ ළංවෙන කොට කට්ටියක් වෙන පක්ෂයට යයි. ඉතුරු ටික අලුත් පක්ෂයක් හදයි. කොහොමත් නම ගිය කට්ටිය අයින් වෙන්න.
ප්‍රතිපත්තියක් නැති... කිසි චාරයක් නොමැති... ගෙම්බන් සේ පනිති...
මොවුන්ව දේශපාලනෙන් අතුගාලම දාන්න ඕනෑ. රස්සාවට දේශපාලනේ කරන මිනිස්සු.
ඔබ කියන පරිදි සන්ධානයක් නම් හදන්න බැරිවේවි. කැමතිනම් පොහොට්ටුවේ සාමාජිකත්වය ගතහැකි වේවි. මට පෙනෙන දේශපාලන දැක්ම මේකයි.
බණ්ඩාරනායක ශ්‍රීමතාණන් දිවි පරදුවට තබා හදපු ශ්‍රේෂ්ට පක්ෂය නේද මේ ගහලයන් පොහොට්ටුවකට දියකර අරින්න හදන්නේ ?අපි අහනවා නිදහස් පක්ෂයේ ඉන්න බලධාරීන්ගෙන් ඔබේ පක්ෂය නොම්මර එකේ දුශිතයන්ගෙන් පිරිවරාගෙන සිටින පොහොට්ටුවකට පාවා දෙන්න ලෑස්තිද කියා ?
යු අන් පි ශ්‍රීලනිප සන්ධානයක් නම් හදන්න බැරිවේවි හැදුවත් වැඩක් නැති වේවි