IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය

තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක

අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
එය හෙට උදෑසන 6 තෙක් බලපැවැත්වෙනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇඳිරිනීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවත්, නඩු විභාගකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුනට අවුරුදු හතක් දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.  

ඇඳිරිනීතිය කඩ කළැයි ඊයේ අත්අඩංගුවට ගත්  හතර දෙනෙක්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  මාර්තු 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (5)

නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය

Upali Thursday, 08 March 2018 10:52 AM

ඉතා හොඳයි. ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවා දියහැකි උපරිම දඩුවම ලබා දිය යුතුයි. අපි තිස් අවුරුද්දක් වින්ද දුක ඇති. ජාති වාදී ගැටුම් තවත් නම් මේ රටට එපා.

:       0       0

gihan Thursday, 08 March 2018 11:30 AM

පිටරටවල ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අම්මලා, තාත්තලාට, බිරිඳට, ළමයින්ට, ලෙඩ වෙලා ඉන්න අයට කතා කරන්න. ඔවුන්ගේ දුක සැප අහන්න විදියක්‍ නෑ. මේ මෝඩ පාලකයින් නිසා. මහින්දගේ කාලේවත් මේ වගේ ගොන් වැඩ කළේ නෑ.

:       21       102

රසිකThursday, 08 March 2018 12:46 PM

රටම ගිනිගන්න එක නවත්තන එක ඊට වඩා පොඩ්ඩක්වත් වැදගත් නැද්ද?

:       2       1

sujithThursday, 08 March 2018 04:54 PM

කකුලේ කටුවක් අැනුණාම කට්ට අයින් කරනවා මිසක් කකුල කපනවද? ඕක හොඳටම නවත්තගන්න තිබ්බා. දවස් 7කට විතරක් පොලිසිය ගත්තේ මේකටමද?

:       0       0

lahiru Thursday, 08 March 2018 12:16 PM

ඒ කාලේ රනිල් කෑ ගගහ හිටියා... අපි අසමත් රාජ්‍යයක් කියලා. දැන් සමත්ද දන්නේ නෑ.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site