නිමන්ති රණසිංහ
නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා රුපියල් 20,000/- ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
2013 අප්‍රේල් වසන්ත උත්සවය වෙනුවෙන් යම් යම් ආයතන වලින් පරිත්‍යාග ලෙස ලද මුදල් රුපියල් ලක්ෂ 65 කට අධික මුදලක් නගරාධිපති ගිණුමට තැන්පත් කර අල්ලස් පනතේ දූෂණය වරද කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නුවරඑළිය නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති බුවනක තිස්ස සෙනෙවිරත්න මහතා විසිනි.
සිද්ධිය ලබන නොවැම්බර් මස 9 වැනිදා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd