(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
නිවියොක් ටයිම්ස් පුවත පිළිබඳ විවාදයේ යෝජනාව ඉදිරිපත් කළ ඇති ආකාරය ගැන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය දැක්වීම නිසා විවාදය ආරම්භයේදී මැතිසබයේ අද (19) කාලගොට්ටියක් ඇතිවිය.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මනත්‍රීවරුන් හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරේ උණුසුම් කතාබස් ඇතිවීමේන් තත්ත්වය පාලනය කිරීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩේකලනාදන් මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
නිව්යොර්ක් ටයිම්ස් පුවත පිළිබඳ යෝජනාව මැතිසබයට ඉදිරිපත් කරනු ලැබුවේ කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතායි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා
යෝජනාවන් මෙහෙම ඉදිරිපත් කරන්න් බැහැ. මුලින්ම ඒ පුවත මොකක්ද කියලා කියන්න ඕන. එහෙම නැතිව නිකන් කතා කරන්න බැහැ. ඒ නිසා මේ යෝජනාව ඉදිරිපත් කළ ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනියි. එය නිවැරිදි කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.
තුෂාර ඉදුනිල් මහතා
නැහැ. මම ඒ විස්තර ඔක්කොම කිව්වා. මෙයාලා මේ හදන්නේ වෙන කචල් එකක් ඇදලා විවාදය කඩාකප්පල් කරන්නයි. ඒකට ඉඩ දෙන්න එපා.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
අපි මේ විවාදයට බාධා කරන්නේ නැහැ. විවාදය අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් යෝජනාව පිළිවෙළකට ගේන්න.
(විමල් වීරවංශ මහතා හා කෙහෙළිය රඹූක්වැල්ල මන්ත්‍රීවරු ද මීට විරෝධය පළකරමින් අදහස් දක්වති)
COMMENTS
විවාදය දියාරු කලේ කාගේ උවමනාවකටද? දැන් බලාගෙන ගියහම මඟුල කාලා තියෙන්නේ මනමාලයා නැතුවනේ.
ඔය සෙට් එකේ එක්කෙනෙක් ව්‍යද ප්‍රතිකාර ගැනීමට අමිරිකාවට එනවා නේද? එක්කෙනෙක් ඇමරිකාවට පැනල ඉන්නවා නේද
ප්‍රවෘත්තිය ඇත්ත බව තහවුරුයි. විවාද අවශ්‍ය නෑ
තාත්ල පුතාල දෙන්නම නැතිව විවදය තිබිල තයෙන්නෙ. පන්සල් වල වයසක උපසකම්මලට උත්තර බඳින්නනෙැතිව විවදයට ඇවිත් නිර්දෝශිකම කියන්න තිබුන
වෙන මොනවට සැලසුම් හදන්න බැරි වුනත් මේ ගොල්ලෝ මෙහෙම ප්ලෑන් වලට හරි දක්ෂයි. මෙතන පුරුදු පරිදි බාල්දියක් පෙරලා ගත්තහම විවාදේ නෙමෙයි වෙන වෙන දේවල් කියවන්නේ. දවස ඉවරයි. විවාදෙත් ඉවරයි. මාතුකාවට අදාළ පුද්ගලයා එළියේ.
කවුරු මොන විවාද කරත් කමක් නැහැ නියම විදිහට හැම හොරාම අල්ලනවානම්. ඔය නිව්යෝර්ක් ටයිම්ස් විතරක් නෙවෙයි, සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පත්තරේ ගිය පරණ මහවැලි ඇමති කෙනෙක්ට වසර කීපයකට උඩදී ස්නෝවී මවුන්ටන් ඉංජිනේරු සමාගම අල්ලස් දුන්න කියන එකත් හොයන්න.
අයි මොකද බය වෙලාද?
විවාදයට එන්නෙම ඕක කඩාකප්පල් කරන්න ඕනේ දූෂිතයෝ, අපරාධකාරයෝ, හොරුටික ඉස්සරහට දාගෙන. අඩුම ගානේ විවාදයට වැදගත් මහත්වරු වගේ මුහුණ දීලා ජය හෝ පරාජය පිළිගන්න තරම් ආත්ම ශක්තිය ධෛර්යය හා විශ්වාසය නැහැ.
ඔව් ඇත්තෙන්ම...
රාජපක්ෂ දේපල රාජසන්තක කරන්න තියෙන්නේ.
බෙන්තර ගගෙන් එහා බළල්පැටියෙක් වත් විශ්වාස කරන්න එපා කිව්වේ කට කහනවට නෙවෙයිනේ.