(රංජිත් රාජපක්‍ෂ)
පතන ශ්‍රී පාද විද්‍යාපිඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දුන් සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාපිඨයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් හත් දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි පංති තහනමක් පනවා ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා පවසයි.
රාධා කි‍්‍රෂනන් මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යංශයේදි පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමිනි.
ඉකුත් 06 වැනි දා එම විද්‍යාපිඨයේ පළමුවන වසරේ සිසු සිසුවියන් පිරිසකට අමානුෂික ලෙස නවක වදය දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිසුන් ලබා දුන් පැමිණීල්ලක් මත දිඹුල පොලිසිය පරික්‍ෂණයක් ආරම්භ කර තිබිණි.එක් සිසුවකු කොටගල රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබ තිබිණි.
මෙම නවක වද සිද්ධීයට සම්බන්ධ වුයේ යැයි කියන එම විද්‍යාපිඨයේ සිසු සිසුවියන් 25 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එම පිඨාධිපතිනිය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කිරිමෙන් පසු අමාත්‍යංශය මගින් අට දෙනෙකුගෙන් සමන්විත විනය කමිටුවක් පත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
මින් පංති තහනමට ලක්වු සිසුන් හත්දෙනා සෘජුවම මෙම නවක වද සිද්ධීයට සම්බන්ධ වි ඇති බවත් තවත් සිසු සිසුවියන් දහඅටදෙනෙකු මෙම නවක වද සිද්ධීයට සම්බන්ධ බවත් එම විනය කමිටුව නිර්දේශ කර තිබේ.
සිසු සිසුවියන්ගේ දෙමව්පියන් සමග අමාත්‍යංශයට පැමිණෙන ලෙස දැනුම් දි ඇති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා කීය.මෙම සිද්ධියට සම්බන්ධ වු සිසුන් සියලූ දෙනා සම්බන්ධයෙන් දැඩි විනය කි‍්‍රයා මාර්ගය ගැනීමට අවධානය යොමු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
COMMENTS
දඬුවම් ඔය විදිහට දුන්නොත් තමයි රටක් හදන්න පුළුවන්. එවිට ඉහළ බලධාරීන්ටත් තැනක් ලැබෙයි....
අන් අයට පාඩමක් ලෙස, මෙවැන්නන්ට සදාකාලිකව ලංකාවේ සරසවි වලට ඇතුල්වීම තහනම් කල යුතුයි. මේ පිළිලය තුරන් කල හැක්කේ දැඩි දඬුවන් දීමෙන් පමණයි.
බැරිද මේ විදිහටම අනිත් විශ්වවිද්‍යාල වලත් කරන්න.
නවක වදය නැති කරමු.
ඉතාමත් හොඳ දෙයක්. සියලුම විශ්වවිද්‍යාල වල මෙලෙස පාලනාධිකරණයට නවක වධයට විරුද්ධ වනවානම්, සිසුන් අතර ගැටුම් අඩු වනු ඇති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර 5කට ආසන්න අත්දැකීම්වලින් කියනවානම් යල්පැනගිය ක්‍රමවේදයක් වන නවක වධය ඇතිතැන පරිපාලනය මුණිවත රකින්නේනම්, විශ්වවිද්‍යාල පද්ධතියේ කඩාවැටීම නැවැත්විය නොහැක. විශ්වවිද්‍යාල සිසුන් යනු වැඩිහිටි වයසට පැමිණියන් බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිඳු අවහිරයක් නොමැත.
මේ මෝඩ අය පත්තර බලල නැද්ද නවක වදයට එරෙහිව දැඩි දඬුවම් දෙන බව!!! මේ අය මේවා කරන්නේ පොරවල් වෙන්න හිතාගෙන!! දුප්පත් දෙමව්පියන්ට දුක් දීලා ගෙදරටත් බරක් වෙලා උපාධියත් නැතිවෙන එක තමයි අන්තිමේදී වෙන්නේ. චන්ද්‍රවීරසිංහ