(ජයන්ත සමරකෝන්)
නවක වද සිද්ධීන් හේතුවෙන් මේ වනවිට 2000කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතැයි ද ලිංගික හිංසනය හා ප්‍රචණ්ඩත්වය ඉවසාගත නොහැකිව 14 දෙනකු සියදිවි හානිකර ගෙන ඇතැයි ද උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පෙරේදා (30) පැවැසීය.
හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ රිචඞ් පතිරණ මහතා 1998 වසරේ දී ගෙනා නවකවද පනත යටතේ, මෙම සිද්ධීන්වලට සම්බන්ධ සිසු සිසුවියන් 46 දෙනකු මේ වනවිට ඇප නැතිව හිරේ ලැග ඇති බව ද අමාත්‍යවරයා කීය.
අද ඇතැම් විශ්වවිද්‍යාල පාලනය කරන්නේ උපකුලපතිවරුන් හෝ ආචාර්යවරුන් නොව, ශිෂ්‍ය පාතාලය බව ද මෙය ඉතා ඛේදජනක තත්ත්වයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නවක සිසුවියන්ට යට ඇඳුම් තහනම් කරන ලද විශ්වවිද්‍යාල ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ද ඔහු කීවේය.
මහරගම ජාතික තරුණ සේවා සභාවේ පෙරේදා (30) පැවැති මහරගම, බොරලැස්ගමුව හා පිළියන්දල වැඩිහිටි මහ ලේකම් කාර්යාල සංවිධානය කළ වැඩිහිටි දින සැමරුම් උළෙලට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
පොලිසිය , හමුදාව යොදවා මේ සාපයෙන් දරුවන් මුදා ගන්න.
දේශපාලන පත්වීමි ලබන පාලකයින් නිසා සරසවිය පරිහානියට පත් වී ඇත. 1978 න් පසු මෙි තත්වය ඇති විය. රටට ආදරයක් ඇති දේශපාලකයින් ලංකාවෙි නොමැත.
අඩුම තරමේ නවක වදය දෙන ශිෂ්‍යන්ගේ නම් ගම ප්‍රචාරය කලයුතුයි . රජයක් හැටියට මෙහි වගකීම දැරිය යුතුයි....
හරියට මහ ලොකු දෙයක් වගේ කතා කරන්නේ... බලය තියෙන අය මෙවැනි තත්වයක් ඇති නොවන්නට අවශ්‍ය පිළියම් යොදන්නේ නැතුව කතා කර කර ඉන්න එක හරිද?
මොනවද මෙයා දොඩවන්නේ? 1970 මුල් කාලවල තිබුණු දරුණු රැග් කිරීම නවත්වන්නැ බණ්ඩාරනායක මැතිනිය කුලරත්න කොමිසම දැම්ම.එය නිසා අවුරුදු කීපයක් දරුණු රැග් කෙරීම් නැවතුණ.
නවක සිසුවියන්ට පළමු වසරේදී කලිසම් (ජීන්ස් )ඇදීමත් තහනම්... කරුණාකර ඔබතුමා මේ තහනමත් ඉවත්කරවන්න...
විශ්ව විද්‍යාලවල විනය කන අය මේවාට වගකියන්න ඕනා.
ලෝකයේ කිසිම රටක නැතුව ඇති මේ වගේ... ඒ ගැන ගන්න ඇවිත් පහත් වැඩ කරන අය ඉන්න රටක්. බෞද්ධ කමටත් නින්දාවක්. නවකවදය දෙන අය නෙරපා දමන්ට ඕනේ. එහෙම නැත්නම් නීතියෙන් උපරිම දඬුවම් දෙන්ට ඕනේ.
මේ ඔක්කොටෝම වගකියන්න ඕනේ අර අන්තරේ, වහාම විශ්වවිදයාලවල දේශපාලනය තහනම් කරන්න ඕනෑ සහ නවක වදය දෙන කට්ටියට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනෑ...
විෂය භාර ඇමැතිවරයා ලෙස තැන්තැන් වල මැත දොඩවන්නේ නැතුව ප්‍රශ්නයට නිසි විසඳුම ලබාදී සිසු පරපුර බේරා ගැනීමට කටයුතු කළ නොහැකි නම් වැදගත් ලෙස වහාම ඉල්ලා අස්වෙන්න...
දැන් අවරුදු 50 ක් තිස්සේ ඕක නිකම් කියවමින් හිටපු එක විතරනේ කරේ. ඉතින් කල යුත්තේ, ඕක තව දුරටත් නින්දට පෙර සහ පසු කියවමින් සිටීම පමණයි.