( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ දෙවන වගඋත්තරකරුවෙකු වන නාවික ලූතිනන් ප‍්‍රසාද් චන්දන කුමාර හෙවත් සම්පත් නැමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (27) වරෙන්තුවක් නිකුත් කළේය.
සෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති වගඋත්තරකරුවන් පස් දෙනෙකුට මේවන විට සිතාසි යවා ඇතත් සම්පත් නැමැත්තා අධිකරණය හමුවේ පෙනී නොසිටී බවය.
එබැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම වගඋත්තරකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වමින් මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.
එසේම පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම සැප්තැම්බර් 06 වැනිදාට කල් තැබීමටද අභියාචානාධිකරණය තීන්දු කරන ලදී.
මෙම නඩුව විභාග කිරීමට ජූරි සභාවකට අවසර දෙමින් දෙන ලද මහාධිකරණ නියෝගය බල රහිත කරන ලෙසත් අදාළ ජූරි තීන්දුව බල රහිත කර නැවත නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන් සියලූ චෝදනාවන්ට වැරදිකරුවන් ලෙස නම් කරන තීන්දුවක් දෙන්නැයිද ශෂිකලා නඩරාජ් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික ලුතිනන්ට වරෙන්තු නිකුත් කෙරේ
Chanak Los angles Friday, 28 July 2017 01:11 AM
මෙය දේශපාලන ඝාතනයක්.. නිදොස් කරන ලද පුද්ගලයින්ගේ වුවමනාවක් මත සිදුනොවුණු මිනීමැරුමක් බව සියලුදෙනාම දන්නවා.. එසේ නම් මෙය කුමක් සඳහා කාගේ වුවමනාවක් හා උපදෙසක් මත සිදුකලා දැයි රටට හෙළි කර දීම නීතියේ වගකීමක් ..