(ඉන්දිකා රාමනායක)
බේරුවල ප‍්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරියකුට අයත් රුපියල් දෙකෝටි එකොලොස් ලක්ෂ දසදහසක් වටිනා නිල් මැණිකක් සොරාගෙන එය අලෙවි කිරීමට සුදානම් වු හිටපු කොටි සාමාජිකයකු ඇතුළු සිව්දෙනක් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිස් මුලස්ථානය කියයි.
මෙම පිරිස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කර ඇත්තේ හිටපු කොටි සාමාජිකයකු වන වෙලේරියන් ජැන්සන් ඔහුගේ මාමා වන මයිකල් ටැනීස්ලස් නොහොත් පෙරියතම්බි (50) මෙම මැණික් ගල විකීණීමට ආධාර අනුබල ලබාදුන් සදාසිවම් උදේකුමාර් (26) සහ කලී රහුමාන් මොහොමඩ් නෞෆර් (32) යන සැකකරුවන් සිව්දෙනාය.
ව්‍යාපාරිකයා මෙම මැණික ඔප දැමීම සඳහා කොල්ලූපිටිය බගතලේ පාරේ පිහිටි මැණික් ඔප දැමීමේ කාර්යාලයකින්ය. ඉකුත් සැප්තැම්බර් 11 වැනි දා ඔහු මෙම මැණික්ගල සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝදුපත් බැලීම මෙම ප්‍රවෘත්තියේදී සිදුවෙලා නැහැ. අවසන් කොටසට අවධානය යොමු කරන්න.