(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළ හඬපටයේ අඩංගු වන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා මේ කුමන්ත්‍රණය අනාවරණය කළ තැනැත්තා වූ දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාරගේ කටහඬවල් බව රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරීක්‍ෂණ මගින් මේ වනවිට තහවුරු වී ඇති හෙයින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු වන බව ද එම නිලධාරියා කීවේය.
හඬ පටයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර වාර්තාව එම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිස් නිලධාරීහු කියති.
මේ අතර ත්‍රස්ත විමර්ශන අංශය බාරයේ තිබී රහස් පොලිසිය බාරයට ගත් මැෂින් තුවක්කු දෙක පාවිච්චි කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද විස්තර වාර්තාවක් දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉකුත් 5 වැනිදා නියෝග කළාය.
මහනුවර දී ඉකුත් දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා නාමල් කුමාර මහතා මේ ඝාතන කුමන්ත්‍රණය අනාවරණය කර තිබූ අතර පරීක්‍ෂණ ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නවද?
වැරැද්ද කර ඇත්නම් පමා නොකර උපරිම දඬුවම් ලබා දීම කඩිනම් කරන්න
වැඩේ යන විදිය හොඳයි. හැබැයි අර තාජුදීන්ගේ වගේ ඇදෙන එකක්ද දන්නේ නැහැ. මොකද මේ දවස්වල ඇත්තනේ කියන්නේ... මේවා කරන්නේ කාගේ වුවමනාවකටද කියලා රටට හෙළිවී නොමැත.
ඔව් ඉතින් අත්අඩංගුවට ගන්නත් ආවට ගියාට කරන්න බැහැ. ඒකටත් සුබ නැකතක්එහෙම බලල කරන්න ඕනෑවේද?