( නිමන්ති රණසිංහ )
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික මර්සලීස් තොමස් නැමැත්තා ලබන 27 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කුමණත්‍රණය කළේ යැයි කිය සිද්ධිය සම්බන්ධයන් මෙවුන් අත්අඩංගුවට මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසු වෙති.
පළමු සැකකරු වන ඉන්දීය ජාතිකයා චෝදනා නොමැතිව රඳවා සිටීම සම්බන්ධයෙන් තමන් දැඩිව ක්‍රියා කරන බැවින් ඊ ළඟ දිනයේදී ඔහුගේ චෝදනා සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.