(නිමන්ති රණසිංහ)
බන්ධනාගරයේ රඳවා සිටි රැදවියන් 31 දෙනකු ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂි බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා ලබන 19 දක්වා රක්ෂිත බන්ධානාධගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
එසේම මෙම සිද්ධියට අදාළව සිද්ධිය වු දින එනම් 2012.11.09 දින වැලිකඩ බන්ධනාගාරයේ වට ආරක්ෂාව සම්බන්ධයෙන් 14 වැනි සේනාංකයේ සේනාකාංධිපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගෙන්ද මෙම ඝාතන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
COMMENTS
අද රටේ අපරාධකරුවන්ට සිත්සේ මිනී මරන්න පුළුවන්. ඒ ගැන කවුරුවත් උනන්දුවක් නැහැ. එත් හිරගෙදර දඩුවම් විදින අපරාධකරුවෝ, ආයුධ ගබඩාව කඩලා , ආයුධ අරගෙන කැරලිගහන කොට මැරුණම ඒ ගැන බොහොම දුක හිතිලා කොහොමවත් සම්බන්දයක් නැති නිලධාරියෙකුත් හිරේ යවන්න දගලනවා. මේ හදන්නේ අපරාධ කරුවන් තව තවත් උනන්දුකරලා රටේ ඉන්න අහිංසකයෝ මරවන්නද ?
ඔහොම යං, ඔහොම යං .......ඕවට පොලියත් එක්ක ගෙවන්නන වෙයි ඉදිරියේදී !!