ශිරාන් රණසිංහ සහ සේනක බණ්ඩාර
නියඟයෙන් පීඩාවට පත් වූ පවුල් හාරලක්ෂ විසිපන් දහසකට ඉදිරි මාස හතරේ දී නියං ආධාර බෙදා දීම සඳහා රජය රුපියල් කෝටි 900ක් වෙන් කර ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ අනුව රුපියල් 5000ක් වටිනා බඩු මල්ලක් මෙම පවුල් වෙත මාස හතරක් සඳහා ලබාදෙන බවද කියා සිටියේය.
ඒ අනුව එක් මසකට රුපියල් කෝටි 250ක් වැය වන බවත් මෙම මුදල් දිසාපතිවරුන්ට යවන බවත් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අදාළ පවුල් වෙත සමූපකාරය හරහා 5000ක බඩු මලු බෙදා දෙන බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහජන නියෝජිතයාගෙන් නැවතත් අහන්නේ ඔය එක එක කැරට් අල , බයිලා රචනා කරන්න ඉස්සෙල්ලා කියන්නකෝ බලන්න අර ගොඩනැගිල්ලේ හුටපටේ ඉවරද? නාස්ති කළ අපේ බදුමුදල් අපහු ලබාදුන්නද? ඒවා විසඳලා කතා කළොත් හොඳයි...
ඔය ආධාර ලබාදෙන පවුල් ලක්ෂ පහේ විස්තර ඔබතුමාට අයත් අමාත්‍යන්ශයේ වෙබ් අඩවියේ පලකරන්න බැරිද? පුලුවන්නම් කරලා පෙන්නන්න. අරනායක, සාලාව, මීතොටමුල්ල වගේ සිදුවීම්වලටත් මේ ආණ්ඩුවෙන් මුදල් වෙන් කළා. නමුත් ඒවාට වෙච්චදෙයක් නැහැ.
ඔය තිබෙන්නේ අපේ බදු සල්ලි වලට වැඩ. එකම රටේ එකපැත්තක නියන් සහනාධාර අනික් පැත්තට ගං වතුර සහනාධාර මුළු රටම සමෘධි ආධාර. ඇමරිකන් ජනතාවත් හිතනවා ඇති මෙහෙ ඉපදුනානම් හොඳයි කියලා