නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිනියක මියයෑම සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශනයෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ. එම පිරිස අතර ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ද සිටින බව දැනගන්නට තිබේ.
මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දැරූ නිලධාරීන් එම තනතුරු වලින් වහාම ඉවත් කිරීමටද නිර්දේශ කර ඇත.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය නායකත්ව පුහුණුවක් අතරතුරදී මිය යෑම සම්බන්ධයෙන් ගුරු සංගම් ඇතුළු පාර්ශ්ව රැසකින් අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනා එල්ල විය. ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ විය.
මෙම වැඩසටහනට අදාළව මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම, සංවිධානය කිරීම ආදී අවස්ථා රැසකදී නිලධාරීන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව විමර්ශන කමිටුව නිරීක්ෂණය කර තිබේ.
පුහුණු වැඩමුළුව පැවැත්වූ ආයතනය අසාදුලේඛණ ගත කිරීමට ද තීරණය කර ඇත.
- 022

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්....මේ වගේ වැඩ කරනකොට පුද්ගලයවන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් බලන්න ඕනා.....හැම කෙනාටම එක වගේ නෑනේ.................
අන්තිමේදී මේකත් අර ඒ දවස්වල රුබෙල්ලා එන්නතෙන් පාසල් දියණියක් මියගිය වෙලාවේදී කවුරු කවුරුත් ඇඟ බේරගත්ත වගේ වෙයිද දන්නේ නැහැ. අඩු තරමින් මේ සිද්ධියට වග කිව යුතු අයගේ වැඩ තහනම් කිරීමක් වත් වේවිද මන්ද.
මේ විදිහට අසාදුලේඛන ගත කරන්න ඕනේ පුගලික ආයතන ගණනාවක් තියෙනවා. ඒ එක්කම ඒ ආයතන හොඳ නැති භාව දන දැනත් පාගා අරන් ඒ සමාගම් වලින් සේවය ගන්න රජයේ නිලධාරින්වත් අලන්න ඕනේ.
එතකොට මේ නායකත්ව පුහුණුව ගැන අධ්‍යාපන ඇමති තුමා දන්නෙම නැතිද?
මෝඩ වැඩ , ගිය ආණ්ඩුවේ මෝඩ තීරණ ,අවුරුදු 53 කාන්තාවන් ලණු වලින් බස්සනවා.......මේ වැඩ සටහනම නවත්වන්න ඕන.......තරුණ අය කරන වැඩ මේ වයසේ අයට කරන්න පුළු වන්නද??? මේ නිලධාරින්ට දඩුවම් කරලා වැඩක් නැහැ....මේවා පටන් ගත්ත අයට දඩුවම් කරන්න...
මේවා හමුදාව විසින් අධ්‍යාපනයට ගෙනාපු ගොන් පුහුණු. විදුහපතිවරුන්ට ආමි යුනිෆොර්ම් අන්දවන්ට දරුවෝ රණවිරුවෝ නොවේ..............
වෛද්‍ය පරීක්ෂණයක් තිබ්බද? අනවශ්‍ය ක්‍රියාකාරකම් නැවැත් විය යුතුයි. ගිය ආණ්ඩුව පතන ආරේ ගති එදා... පාසලේ සිටම ව්‍යායාම් කිරීම කළ යුතුයි. අවුරුදු 50 ක් ගිය කාන්තාවක් ලණුවෙන් බස්සන්නේ කොහොමද? අපේ මුලේ සිට කළ යුතු වැඩ බොහෝමයි. නිලධාරීන්ට දඬුවම් දීම වරදකි. මෙම කටයුත්තට රුපියල් කෝටියක වන්දියක් ගෙවන්න ඕනෑ. මේ වැඩපිළිවෙල පටන් ගත්තු අයට දඬුවම් දෙමු.
මෙම නිලධාරීන් වැරදිකරුවන් වුවොත් ඔවුන් අගතියට පත් පාර්ශවයට වන්දිගෙවිය යුතුයි.....
සාරිපොට, දනගැස්සවීම, වගේ වෙයිද.?
රජයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට දඬුවම් කිරීම ප්‍රමාණවත් නැහැ. මෙම ආකාරයේ දැඩි පුහුණුවක් කුමක් අරඹයාද? බලාපොරොත්තු උනේ පුහුණුව ලැබූ අය අනාගතයේදී ගුරුවරු සහ ශිෂ්‍යයන් මර්ධනයට යෙදවීමටද? මේක දේශපාලන තීන්දුවක් මත සිදුවූවක් නම් ඒ වාට වග කිවයුත්තේ කවුරුන්ද?
නායකත්ව පුහුණුව ලංකාවට අරගෙන ආපු අයවයි හිරභාරයට ගන්න ඕන
අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් ගැන කියල වැඩක් නැහැ .2017 .11 .06 වෙනිදා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියක් හා ගුරුවරු කණ්ඩායමක් පාසල් වෙලාවේ ළමයි 3000 ක් විතර එලියට බස්සලා මුළු දවස පුරාම උද්ගෝෂණයක් කරවලා බරපතල ළමා මානසික අපයෝජනයක් සිදුකලා. එහෙත් අද වෙනකන් ඇමතිවරයා හෝ එකම නිලධාරියකුවත් ඒ ගැන සොයා බැලුවේ නැහැ. ඉතින් මහජන මුදලින් නඩත්තු කරන අධ්‍යාපන අමාත්‍යාංශයක් ,අධ්‍යාපන ඇමතිවරයෙක් ,හා නිලධාරින් රටට අවශ්‍යද ?ගරු ජනාධිපති තුමාගේ අවධානයට යොමුවේවා !
අකිල ඇමති මේවා ගැන දන්නේ නැහැ.. අවුරුදු 45න් පස්සෙවත් පඩිපෙලක්වත් නගින්න බහින්න දෙපාරක් හිතන්න ඕනේ.. එහෙම එකේ මේ වගේ තකතීරු නායකත්ව පුහුණු මොකටද? අනිවාර්යයෙන්ම මේ වැඩමුළුවෙන් අකිල බබාට කීයක් හරි යන්න ඕනේ... මියගිය විදුහල්පතිට කෝටියක් වන්දි ගෙව්වත් මදි...