(සනත් ගමගේ)
හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප දීමට නියෝග කළේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු පස් දෙනකුට එසේ ඇප නියම කෙරිණි.
එක් අයකුට ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මෙලෙස මුදා හැරිණි.
මේ අතර එම සිදුවීමට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වන ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 29දෙනකු ලබන 30වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.




COMMENTS
රටක නිතිය අනුව කටයුතු කිරීමට නොදත් ඔබවැනි පිරිස් දේශපාලනයට කෙසේවත් ගැලපෙන්නේ නැත. මෙය ඔබගේ නිතිය පිළිබඳවත් ගැටළු ඇති කරයි. නීතියට අප සැම දෙනාම එකසේ යටත් බව තේරුම් නොගෙන දේශපාලනයට පැමිණියහොත් නීතියට දෙවියන්ගේම සරණයි.
රටේ නීතිය දේශපාලනීකරණය වෙලා වගේ පෙනෙන්නේ. එක එක්කෙනාට වෙනස්.
නාමල් මහත්තයෝ දිට්ටධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙනවා කියලා දැන්වත් තේරුම් ගන්න. ඔබතුමාලා බලයේ ඉන්නකොට කරපු දේවල් අපිට හොදට මතකයි.
මම නම් කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අයින් කරලා අලුතින් පත් කරන්න ඕනෑ හොඳ මන්ත්‍රීවරුන්. රට ගොඩගන්න පුළුවන් අය. එහෙම නැතිව එයාල හොඳට සැප විදින්න. පරම්පරාවටම හම්බ කරගන්න හොරකම් කරන්න නෙවෙයි. දුප්පත් අයට ඉන්න හිටින්න තැනක් නැහැ... කන්න නැහැ. එහෙම තියෙද්දී මේ ගොල්ලෝ මෙච්චර සැප විඳින්නේ. මම එක පක්ෂයක් ගැන නෙවෙයි.... ඔක්කොමලා ගැනයි කියන්නේ...
හම්බන්තොට හා මත්තල බදුදිමෙන් රටට පාඩුවක් වෙනවා නම් ඒක පක්ෂ භේදයකින් තොරව අපි කාටත් බලපානවා. ඔයගොල්ලෝ විපක්ෂයේ සිටිද්දී විරුද්ධ වන සැමදෙයක්ම බලයට ආවට පස්සේ තමන්ගේ වගේ කරගෙන යනවා. පළාත් සභා විධායක ජනාධිපති ක්‍රමය ආදියට කොහොමද එදා විරුද්ධ වුනේ. ඒකයි අපි දැන් ඕවට සහභාගී නොවන්නේ.
ඩීල් ලන්තයේ නිල්, කොළ, රතු දේශපාලකයන්ගේ විකට රංගන....
මේ තැනැත්තා දේශපාලනය සඳහා පරිණත පුද්ගලයෙක් යයි මා සිතන්නේ නැහැ.
හිටපු ලොක්ක අධිකරණයෙන් සාධාරණය ඉල්ලුවා. දැන් ලැබුණා නේද? එයා හිටියා නම් ඕවා ඔහොම වෙනවද? අනික එයට සදාචාරාත්මක අයිතියක් තියනවද? එහෙම අහන්න එයාගේ කාලේ අරලිය මැදුරේ නඩු තීන්දු දුන්නේ දැන් මොකටද අධිකරණයක්...?
හා !! හා !!! දැන්වත් විධායකය , ව්‍යවස්තාව සහ අධිකරණය කියල තුනක් වෙන් වෙන්ව තියනවා කියල දන්නවද?
කෝ අධිකරණ නියෝග නොතකා උතුරේ උද්ඝෝෂණය කරපු අයට නඩු. ඒ අයට වෙන නීතියක් ද?
නාමල් ලොක්කගේ බොඩි ගාර්ඩ් දැක්කම පේනවා රටට ඕන නාමල්ල වගේ අය කියලා. අහිංසක මිනිස්සු පව්. නමුත් ඒ අයමයි නැවත නාමල්ලා වගේ අයව රට පාලනය කරන්න ගේන්න දඟලන්නේ. ඒ නිසා දීපු දඬුවම හොඳයි වගේ .
රවීන් විධායකය, ව්‍යවස්ථාව හා අධිකරණය කියලා තුනක් නෙවෙයි. උතුරු අධිකරණය හා දකුණු අධිකරණය කියලා දෙකකුත් තියෙනවා. ඔක්කොම 4 යි.
පෙරකදෝරුවා මොනවද රටේ නීතිය ගැන දන්නේ? පහුගිය කාලේ දේශපාලකයෝ නීතිය අතට අරන් කරපු හරිය දන්නවද?
නීතිය මැකී ගිය රටක අපිත් ඔහේ බලන් ඉන්නවා. රටේ තියන ජරා වැඩ සේරම කරලා ඇතුළට යනවා. පස්සේ එළියට ඇවිත් රඟපානවා.
මේවට වියදම් වෙන්නෙත් මහජන සල්ලි. මේ යන වියදම් අදාළ චූදිතයන්ගෙන් අයකර ගන්න ඕනේ.. මොකද රාජපක්ෂවරුන්ගේ රටේ පුරවාගත් සල්ලි ඕනෑතරම් තිබෙන නිසා ..
මොකටද මේ විදියට මේ හොරුන් පසුපස මිනිසුන් දුවන්නේ? පේනවද වෙන්න බැරිවුණු කුමාරය පිටුපසින් එන මිනිසුන්ට කේන්තියෙන් බනින හැටි ...? ලෝකයේ කිසිම රටක මෙවැනි දර්ශන දකින්න ලැබෙන්නේ නෑ..
මේගොල්ලෝ කිසිම වැරැද්දක් කරලා නැහැ කියන්නද මේ සංදර්ශන පවත්වන්නේ ?