(මනෝප්‍රිය ගුණසේකර / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශ ගත වී සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළේය.
විත්තිකාරියට ඇප දිම සම්බන්ධයෙන් නිතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.
නඩුව විභාගය පෙබරවාරි 16 වැනි දා පැවැත්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් මේ නීති තේරෙන්නේ නැහැ. අපිටත් පුලුවන්ද අධිකරණය මඟ හැරලා ඉඳල.........අත්අඩංගුවට ගත්තට පස්සේ එවෙලේම ඇප අරන් ගෙදර යන්න ?
අැප ලැබෙන බව මුළු රටම දන්නවා. නඩුව පෙබ 16-18. මාස 5ක් නේද මේ වගේ තවත් කල් දැම්මොත් අලුත් ආණ්ඩුවේ පිහිටෙන් ගොඩයන්න පුල්වන්...
විවිධ වංචා චෝදනා වලට මුහුණපා , අධිකරණය මඟ හැර විදේශ ගත වී සිට මෙරටට පැමිණි විට පොලිස් අත් අඩංගුවට පත්වූ මේ නෝනට දීපු ඇප නම් ඉතාම සිල්ලරයි ! මුහුණපා තිබෙන චෝදනා නම් අති විශාලයි .....
කලින් කතා කර ගත්ත විදියට සියලුම වැඩ කටයුතු සිද්ධ වීම සම්බන්ධයෙන් සියලුම දෙනාටම අපගේ උපහාරය.
කොහොමත් අධිකරණ ක්‍රමය සාමාන්‍ය අපිට තේරෙන්නේ නැහැ.එ්නිසා තමයි කෝටිගණන් හොරකම් කරපු උන් එළියේ ඉඳිද්දී පොඩි හොරකම් කරපු උන් අවුරුදු ගණන් වලට ඇතුළට යන්නේ.. නීතිය ගානට නවල තියෙන්නේ
ජයම්පති ඔයා හරි ,කෙහෙල් කැනක් කපල දවසක් හරි උසාවිය මඟ හැරියොත්, ඇප නැතුව මාස ගානක් හිරේ යවනවා...නාමල්ගේ අධ්‍යක්ෂවරියට මොහොතින් ඇප, මෙතන තියෙන බරපතල වරද මේ නෝනමහත්තයා පිටරට හොරෙන් ඉඳලත් නේ . මම හිතන්නේ නාමල් ලෝයර් නිසා වෙන්න ඇති . පහුගිය කාලේ එයා ලෝයර් විභාග කරපු විදිහත් කතාබහට ගියා නේද?
මේ මොන විකාරයක්ද? නිතිය මේ විදිහට නැවීම වැරදි......
අනේ මෙහෙමත් රටක්. අධිකරණය මග හැරලා ඉඳලත් ඇප. පොඩි මිනිහෙක් බැරි වෙලාවත් දවසක් උසාවියට නාවොත් රිමාන්ඩ්. නීතිය බල්ලට ගිහිල්ලා. කලින් ආණ්ඩුව කාලේ නීතිය අව භාවිතා කළා වගේ 10 ගුණයක් දැන් නීතිය වල් වැදිලා.
මහින්ද රාජපක්ෂ රජය පරද්දමින් මේ වර්හ්ටමාන රජය අධිකරණයට බලපෑම් කරනව වගේ. අනේ මහජන මුදලින් නඩත්තුවෙන මේ වගේ නීතිපති දෙපාර්තුමේන්තුවක් රටට අවශ්‍යද? මේ නඩුවෙදීත්, සිල් රෙදි නඩුවෙදීත් නීතිපති විරුද්ධවුනේ නැහැ. ඉතිහාසයේ කවදාවත් මේ රජය කාලේ අධිකරණය සහ බන්ධනාගාර හෑල්ලුවට ලක්වුනේ නැහැ.
අත් අඩංගුවට නොගෙන හිටියනම් ඉවරනේ.අපරාදේ නිලධාරීන්ගේ වටිනා කාලය සහ ශ්‍රමය.
මේ සේරම ඩීල් කියලා බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට කියන්න පුළුවනි. මේ නෝනටත් මුකුත් වෙන්නේ නෑ. නිල කොළ දෙපැත්තේම ඉන්නේ එකම පන්තියේ අය. දෙගොල්ලොම දෙගොල්ලෝ ආරක්ෂා කර ගන්නවා. මේ රටේ වෙනසක් වෙනකම් ඔය ක්‍රමය ඔය විදිහටම යාවි. මේ කුවේණි ගේ ශාපය.
ඩුබාහි ඉඳල ගෙන්නුවටත් ණයයි. මොකද්ද මේ නිතිය. හිතා ගන්න බෑ. මුදල කජු ඇටද කොස් ඇටද
රටේ සැමට නීතිය සාධාරණ නැහැ . කවදාවත් එහෙම සාධාරණ වෙන්නෙත් නැහැ . තමන් දැනගන්න ඕනේ නීතිය නමන අය දැන හදුනාගෙන ඒ අයගෙන් උදව්අරගන්න.
හැමදාමත් අපි මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් වෙනසක් කරන්න බලන්නේ නැද්ද? මේ දෙගොල්ලොම අපිට අන්දනවා.. අපි ඇඳ ගන්නවා. අපේ වරදින් මේවා වෙන බව වටහාගන්න තුරු ..මෙවන් දේවල් වෙනස් නොවෙන බව විතරක් දැනගත යුතුයි.. වදුරෝ ගෙවල් හදනවා වගේ තව කෙනෙක් කරන තුරු බලා නොසිට ක්‍රමය වෙනස් කිරීමට කාලය ඇවිත් ඇති බව සියල්ලන්ටම වැටහේවා ...!!!!
ජයම්පති ඉන්නේ ලංකාවේ නෙවෙයිද? ඒගොල්ල ඉන්නේ අපේ පන්තියේ නෙවෙයි. ඇයි මතක නැද්ද ඒ පන්තියෙ නෝන කෙනෙක් හොර සල්ලි එක්ක අහු උනා. මොකද උනේ? අපි අහු උනොත්...?
ඔව් ඔව් මේ වගේ අයට නඩු වැටුනම නිතිපතිවරයා විරුද්ධත්වයක් නැ ඇප දෙන්න නිදහස් කරන්න එහෙම.පොඩි මිනිහෙක් සුළු වරදක් කලොත් එහෙම බර පතල වැඩ ඇතිව අවුරුදු ගානකට හිරේ.සල්ලි කාරයෝ දේශ පාලකයෝ හිරේ ගියත් එයාලා බන්ධනාගාර ඉස්පිරිතාලේ සැප ගන්නවා.වායු සමීකරණ සැප සම්පත් තරුපහේ හොටල වලින් කෑම බීම මොන සැපද.
ඩුබායි පොලිසියට හිතෙනවා ඇති අපරාදේ මහන්සිවෙලා අල්ලාගත්තේ කියල..දැන්නම් අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි..බලන්න ගියාම රන්ජන් හරි..
මේ නෝනාගෙයි අර විදේශ ගමන් බලපත්‍ර වල අඩු වයසක් දමලා ප්‍රසිද්ධ වුන නෝනාගෙයි එකම ආඩම්බර හිනාවක්නේ. මාව කොහෙද ලොකප් කරන්නේ වගේ නේ !
මෙම පුවතින් තවත් කාරණයක් තහවුරුවෙනවා , බොරු බොරු කියල අණබෙර ගැහුවට "නාමල්ගේ සමාගමේ" කීමෙන් හෙලෝ කෝප් සමගම නාමල්ගේම බව ඔප්පු වෙනවා. ඉතින් පාර්ලිමේන්තු කෙනෙක් වෙලා අවුරුදු කීපයකින් මිලියන ගණනක සමාගමක් මිලදී ගත්තේ කොහොමද ?
මේකන් හොදටම තේරුම් යන්නේ මේවා දේශ පාලන පළිගැනීම් බව හෝ මුදලට යටවුනු නීතිය.
ඇප ලබා දුන්නේ බන්දනාගාර රෝහලේ කාන්ත වාට්ටුවේ පහසුකම් මදි හන්ද, ලගදීම එක අලුත්වැඩියා කරයි.
මේ අය ඉතින් හිරේට නියම උනත්, කෙලින්ම යන්නේ රෝහලටනේ.
අපි හිතුව කලින් හිටපු නීතිපතිට දොස් කියපු හැටියට, දැන් නම් ඉතින් නීතිය හරියටම දුවයි කියල. දුවන බව නම් පේනවා, හැබැයි කැලේට. ඩීල් දාසව ඉවත්වුනාට ඊට ඉහල ඩීල් ස්වාමිවරු ඉන්නවනේ. රන්ජන්, මේ ඉන්නේ ඔබේ විවේචනයට අහුවුණ තවත් උදවිය.
මේවා බොරු නඩු. ඒ බව විනිසුරුවරුන් දන්නා නිසා ඇප අනුමත කරනවා. මේවා දේශපාලන කූට පලිගැනීම්.
ඒ වගේම බලන්නකෝ මෙයා ඇදගෙන ඉන්න අපුරුව නේද.උසාවියකට ඩෙනිම් ජීන් එකක්.වෙන කවුරු හරි අන්දානම් උසාවියට අපහාස කලා කියලා ආයේ නඩු දානවා.අඩු ගානේ සාරියක් වගේ දෙයක්.අනේද කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
අපිට ගල්ගහපියවූ...............මෙවැනි රටක උපන්නට.
නොදකින් වංචා කරල හැංගිල දවසින් ඇප.එන උජාරුව ලජ්ජ නැතිකම.
අදිකරණයට කරන්න දෙයක් නැහැ - මටනම් නීතිපති වරයා ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා.
දැන් Dan අපේ කාන්තාවන් ප්‍රසිද්ධ වෙන්නේ අමුතුම තාල වලට . ඉස්සර නම් සම්භාව්‍ය චිත්රපටි නිලියක් Nathi නම් පිළිගත් ගායිකාවක් උගත් වැදගත් නෝනා මහත්මියක් ආදී වශයෙන් . ඒකටත් එක්ක දැන්! පවුල් කඩපු නිලියක්, දිවි nasaa ගත්ත ශිෂ්‍යාවක්, මුල්‍ය වංචා වලට අසු වුන ව්‍යාපාරික කාන්තාවක් , වැරදි ධාවන පථයේ ගිහින් අමාරුවේ වැටුනක්‍රීඩිකාවක් ආදී වශයෙන් . අපොයි රටට ගිය කලක් !
ලොකප් කලොත් එකපාර ලෙඩ වෙලා ඉස්පිරිතාලේ නවතින්න වෙනව. ඒක හැමෝම වගේ කරල දැන් චුට්ටක් කරන්න අමාරුයි. අනික මෙහෙම කලාම ගනුදෙනුවට සම්බන්ධ වෙන කට්ටිය ඉතා සිමිත සහ පලපුරුදු නිසා විශ්වාසවන්තම දෙතුන් දෙනෙක් විතරක් යොදා ගෙන ඉතා රහසිගතව කරන්න පුළුවන්. හෙට ආණ්ඩුවේම කවුරු හරි කෑගහයි නීතිපති දෙපාර්තමේන්තුවට විරැද්ධව. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කරා කියලත් කියයි. හැබැයි මෙහෙම කලාම සමාජ විරොධය හුගක් අඩුයි මොකද වෙච්ච දේ අපහැදිලිය සහ දෙපැත්තේම දේශපාලකයො කවුරුවත් ඇත්තටම විරුද්ධව කතා කරන්නේ නෑ .
යකෝ, නාමල් බේබි මෙයාව අධ්‍යක්ෂ කෙනෙක් කරපු එක පුදුමයක්ය. මට කොම්පැනියක් තිබුන නම් මමත් ඔය වගේ තනතුරක් දෙනවනේ.
ආටක නාටක ආටක ආටක නාකට! දැන් මේවා බලන්න මෙතැන කිලික් කරන්න ඕනේ නැහැ, යන්න වංචාකාරයන්ගේ නඩු අසන උසාවියකට.
නීතිඥ සංගමය නිදිද ??? කෝ U. R . ද සිල්වා....
මම නීතිය දන්නේ නැති නිසයි අහන්නේ, එතකොට පොඩි හොරකමකට අහු උන එකෙක් ගුටි කාල දවස් ගණන් පොලිසියේ ඉන්නේ අැයි ?
ඩුබායි සංචාරය නිමකර මව් බිම බලා පැමිණි මේ නෝනා ගුවන් යානය තුලදීම අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන එලියට පැමිණි විගසම සුළු ඇපමත නිදහස ලබා පිටවී යාම සාධාරණද කියා අපේ අතිගරු අධිකරණ ඇමතිනිය විසින් පරික්ෂා කල යුතු වෙනවා. කොහොම උනත් නෝනගේ අහිංසක හිනාව නිසා කවදාවත් එය රජයේ බෝඩිමේ කූරු ගණන් කරන්න යන එකක් නැහැ... එයාගේ බොස්, නැත්නම් නාමල් බේබි, තිරයෙන් පිටුපස සිට මේ කෝලම ඉතා හොඳින් සංවිධානය කර තිබෙන බව නම් මනාව පැහැදිලියි !!!
අහෝ අපේ අධිකරණය සහ නීතිපති
යහපාලනය යුනු සැමදෙනාටම යහමින් සැලකීම වේ