තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාවේ වගවීම් හා සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව එක්ව සියලූ ක‍්‍රියාමාර්ග ගත යුතු යැයි එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය කියා සිටී.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය වෙනුවෙන් එහි ලේකම් සුරේන් සුරන්දිරන් ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව කියා සිටී.
විශේෂයෙන්ම මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ජාත්‍යන්තර ප‍්‍රජාව මේ සඳහා ලංකාවට බලපෑම් කළ යුතු බවද කියා සිටී.
මේ අතර වගවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ එක් පියවරක් වශයෙන් පිහිටුවා ඇති අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ (ඕඑම්පී) කොමසාරිස්වරියක ලෙස ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු පත් කිරීම තම සංවිධානය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. රණවිරුවන්ට එරෙහිව ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී විවිධ ප‍්‍රකාශ සිදුකළ නිමල්කා ප‍්‍රනාන්දු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා ඇයව අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයෙන් ඉවත් කරන ලෙස තමන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ගෝලීය ද්‍රවිඩ සංසදය කියා සිටී
COMMENTS
පක්ෂග්‍රාහි ක්‍රියාකරිනියක් ලෙස ඇය ප්‍රකටය. ඇය මෙවැනි තනතුරකට නුසුදුසුය
ඩයස්පෝරාව ආණ්ඩුව නියමෙට අන්දනවා..
විරෝධය? මගේ අම්මේ මෙහෙමත් නාටක. කොහොමද ඩයස්පෝරාවේ අයියර්ලා විරෝධය පාන්නේ? විහිළුවට නෙවෙයි නේ?
කුමාර් ඔබ හරියට හරි .
කුමා කිව්වා වගේ මටත් මතක් වෙන්නේ ඉබ්බා දියට දාපු කතාව.
ඇය මෙම තනතුරට නුසුදුසු බව මෙම පත්කිරීම කිරීමට පෙර නොතේරුන, නොවැටහුණ අය තමයි අපේ රට පාලනය කරන්නේ. එතකොට රටක් හරිමගට ගන්න ඒ වගේ අයට පුළුවන් වෙයිද...?
මේ තනතුරට ගුණදාස අමරසේකර හෝ ගෙවිඳු කුමාරතුංග පත්කරන්න.
හා...හා ඇත්තම කතාව නම් මෙයා පක්ශග්‍රාහී බව දැන ගත්තම කොමිසම බල රහිත කරන්න පුලුවන්.
මෙයා කොටී හීතවාදී ගෑණීයක්; ඒ වැන්නකට කොමිසම භාරදිමට වඩා; කොටීයටම භාරදීම හොදයී