(චාන්දනි දිසානායක)
පොලිස් අන නොතකා ගමන් ගත් වෑන් රථයක් කුරුණෑගල පිලීකඩ මිල්ලව ප්‍රදේශයේදී වෙඩි තබා නතර කර සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහනුවර දිගන ප්‍රදේශයේ සිට කුරුණෑගල දක්වා ගමන් ගත් එම වෑන් රථයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කළ බවත්, පොලිස් අණ නොතකා ගිය වාහනයට වෙඩි තැබූ බවත්, ඉන් පසු සැකකරුවන් වාහනය දමා පළා ගිය බවත් පොලිසිය පවසයි.
ඉන් පසු දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ද, එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු ද ඔවුන්ගේ වාහනයේ ගැටී තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් සැකකරුවකු ද රෝහල් ගත කරනු ලැබ සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.