IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති මතය හා ගැටෙයි

(බිඟුන් මේනක ගමගේ )

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරන්නැයි මෙරට ජනමාධ්‍ය සංවිධාන කලක් තිස්සේ කළ ඉල්ලීම නොතකා පුවත්පත් මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දැඩි සේ හෙළා දකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

නිදහස් මාධ්‍ය තහවුරු කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මැතිවරණ පොරොන්දු බරපතල ලෙස උල්ලංඝණයවීමක් මෙමගින් සිදුව ඇතැයි එම සංවිධානය කියයි.

 

එම ජනාධිපතිවරණෙය් දී පොදු සංවිධාන එකතුව ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවෙහි ප්‍රධාන කොන්දේසියක් වූයේ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම යැයි ද එය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු අපේක්ෂකයා වෙත ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

 

එනිසා ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා තම පාර්ශවයෙන් එම එකඟතා කඩකළ අවස්ථාවක් ලෙස මෙම පියවර හැඳින්වීමට සිදුවන්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර කියයි.

 

මෙම පනතෙහි අනුචිතභාවය හා පසුගාමීත්වය  පිළිබඳ තමන් දිගින් දිගටම කරුණු දක්වා ඇති පරිදි තවදුරටත් මේ පිළිබඳව සමාජය දැනුම්වත් කරමින් හා මාධ්‍ය සමාජයෙහි මීට එරෙහි හඩ තවදුරටත් ශක්තිමත් කරමින්  පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම දක්වා වන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වන සිය අධිෂ්ඨානය යළි සපථ කරන්නේ යැයි ද එහි සඳහන් වේ.

 

සමාජ වගකීමක් සහිත මාධ්‍ය නිදහසක් සඳහා වන පුළුල් මාධ්‍ය  ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය මෙම සිදුවීමෙන් තවදුරටත් තහවුරු වන්නේ යැයි ද ඒ සඳහා ඒකරාශී වන ලෙස මෙරට මාධ්‍ය ප්‍රජාවගෙන්  හා ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු බලවේගවලින් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති මතය හා ගැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site