(ඩයනා උදයංගනී)
පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර නිදහස් දින සැමරුම් ජාතික උළෙලේ වියදම් අඩු කර ඇතැයි රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලංකාදීපයට අද(3) පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව පවත්වන ප‍්‍රථම නිදහස් දින සැමරුම ද මෙය වේ.
මෙවර නිදහස් දින ත‍්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියේ කාලය ද පෙර වසරවලට සාපේක්‍ෂව පැයකින් පමණ අඩු කර ඇති බව වාර්තා වේ.
මීට පෙර වසරවලදී දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැත්වූ නිදහස් දින සැමරුම් උත්සව මෙවර නොපැවැත්වෙන බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
එම උත්සව වෙනුවට දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ, ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හා ආයතන මට්ටමින් රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙන බව ද ලසන්ත අලගියවන්න මහතා ස`දහන් කළේය.
මෙවර නිදහස් දින සැමරුම 2008 වසරෙන් පසු යළිත් නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ ජනතාවට සිදුවන හිරිහැර අඩුකිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මීට පෙර වසරවල නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු ආදිය සදහා ගාලූ මුවදොර පිටිය ඉදිරිපිටින් මාර්ගය වසා තැබීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වූ බව ද හෙතෙම කීවේය.
මෙවර උත්සවය සදහා මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයින් 2,500කට පමණ ආරාධනා කර තිබෙන බව කී අලගියවන්න මහතා සාමාන්‍ය ජනතාව 1000 කට පමණ නිදහස් චතුරඝ්‍රය අසල ක‍්‍රීඩා පිටියේ සිට එය නැරඹීමේ පහසුකම් සපයා තිබෙන බවද ප‍්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිදහස් දින සැමරුම් වියදම් අඩුවෙයි
රවින් Monday, 03 February 2020 01:25 PM
ඇයි මේ පරණ තැටි ආපහු ආපහු වාදනය කරන්නේ? පහුගිය දිනවල ප්‍රවෘත්ති තිබුණා නේද මෙවර වියදම 30% කින් අඩුකරනවා කියලා...