(පේරාදෙණිය සෙනරත් බණ්ඩාර සහ මාවනැල්ල සමන් විජය බණ්ඩාර)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පෙරහර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලැබ සිටි නැදුන්ගමුවේ රාජා සහ වාසනා ඇතු මෙවර සහභාගි නොවන බව ශ්‍රී දළදා මාලිගාව සඳහන් කරයි.
නැදුන්ගමුවේ ඇත් රජු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන අතර වාසනා ඇතු මේ වනවිට කතරගම මහ දේවාලයේ පෙරහරට සහභාගි වී සිටිති.
එනමුත් පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා සුදුසුකම් සහිත ඇතුන් පස් දෙනකු මේ වනවිට ශ්‍රී දළදා මාලිගාව සතු යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.
ඉන්දිරාජා ඇත් රජු ප්‍රධානව සිංහරාජා, බුරුමරාජා, මියන්රාජා, මිල්ලන්ගොඩ පොඩි ඇතු යන ඇතුන් පස් දෙනා පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා මෙවර සූදානම් කර ඇතැයි ද දියවඩන නිලමේවරයා කීවේය.
එමෙන්ම මියන්මාරය ශ්‍රී ලංකාවට ලබා දෙන ඇත් පැටවකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මස 5 වැනි දින ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රදානය කරන බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීවේය.

COMMENTS
වාසනා කියන්නේ ඇත් රජෙක්ද නැත්නම් රැජිණක්ද? මේ රජවරුන් දම්වැල් සහ යකඩ පා තිරිංග යොදා නේද වීදි සංචාරය කරවන්නේ? මේ රජවරු අනිත් වෙලාවල් වලට කරන්නේ කුලියට කොට අදින එක නේද?
පිටිගල මිලානෝ, ඔබ හරි..., පසුගිය කාලේ අපේ මහරජාණෝ පන්සල් වලට දුන්නනේ කොටන් අදින්න, අඩු ගාණේ එම සතුන්ට කන්න දෙනවද? බෙහෙත් කරනවද කියලා හෙව්වෙවත් නැහැනේ...
පිටිගල හරි ඒ අයගේ කරුමය ටිකදවසකට මෙවර කල් ගිහින්, අපේ මිනිස්සු කවදා ගොඩ එයිද?
නැදුන්ගමුවෙ රාජා ඇතු මෙවර අනපේක්ෂිත ලෙස මදකිපීම නිසා පෙරහැර සදහා සහභාගි නොවේ.. මෙය සියලුම අලි ඇතුන්ට ස්වාභාවික සංසිද්ධියකි.. කතරගම වාසනා යනු ඇතින්නක් නොව ලංකාවේ සිටින පරිණතම ඇතෙකි.. කරඩුව වඩම්මන ඇතුන්ගෙන් කොට ඇදීමක් සිදුවන්නේ නැත.. සියලුම අලි ඇතුන් පෙරහැර සඳහා සහභාගි වන්නේ ඉතාමත් කැමැත්තෙනි.. මන්ද වසරකට වරක් තමන්ගේ සගයින් මුණගැසීමට හැකිවන නිසාවෙනි..