( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධී ලෙස විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ තාරකා ඉබ්බන් 100 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පල්ලම පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පල්ලම පොලිස් වසමට අයත් මදවක්කුලම ප්‍රදේශයේ නිවසක කොළඹ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී විශාල ප්‍රමාණයේ ඉබ්බන් 26 ක්, සහ මධ්‍යම ප්‍රමාණයේ ඉබ්බන් 40 ක් හා පැටවුන් 34 ක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් 500 සිට 3000 දක්වා මුදලකට කොළඹ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුට මෙම ඉබ්බන් අලෙවි කරන බව සැකකරුවන් පොලීසියට පවසා ඇත.
විදෙස් රටවලට අලෙවිකරන ජාවාරම්කරු එක් ඉබ්බෙකු ,චීනය ජපානය සහ මැලේසියා යන රටවලට රුපියල් 25,000 සිට 50,000 මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය කියයි. තාරකා ඉබ්බන් නිවෙස්වල ඇති කිරීමෙන් නිවසට සෞභාග්‍යය උදාවන බව ඉබ්බන් අපනයනය කරන රටවල ජනතාව විශ්වාස කරන බව පොලිසිය පවසයි.




2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතී විරෝධිව තාරකා ඉබ්බන් රට යවන්න හැදූ තිදෙනෙකු අත්අඩංගුවට
සිසිල් සුදේශ් Monday, 23 December 2019 03:42 AM
තාරකා ඉබ්බා කියන්නේ ඉංග්‍රීසි නමේ පරිවර්තනය... මේ සතාගේ නියම සිංහල නම් "මේවර" ඉබ්බා. කරුණාකර අපේ සිංහල වචන පාවිච්චි කරමු...