IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


නීති ක්ෂේත්‍රයට පමණක් වැටුප් වැඩිකිරිමට සංගම් 18 ක විරෝධය

        
 
 
 
නිමල කොඩිතුවක්කු
       
නීති ක්ෂේත‍්‍රයට පමණක් වැටුප් හා දීමනා වැඩිකිරිමට එරෙහිව වෛද්‍ය, පරිපාලන, ඉංජිනේරු ඇතුළු සංගම් 18 ක් එක්ව ඉදිරි සති දෙකක කාලය තුළ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවන බව දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා කොළඹදී පැවසීය.
 

රජය ගෙන ඇති මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් මේ වනවිට විධායක නිලධාරීන්ට බරපතල වැටුප් විෂමතා ගැටලූවක් නිර්මාණය වී ඇති බවද ඔහු කියා සිටියේය.
 
දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැල්ලේ අද (14) කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මෙසේද කීය.
 
රජය නීතී ක්ෂේත‍්‍රයේ නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප් සහිතව රුපියල් 75,000ක  දීමනාවක් ලබා දීලා තියෙනවා. එයට අමතරව නීති ක්ෂේත‍්‍රයට අද ඇතුළු වන ප‍්‍රාථමික ශ්‍රේණියේ  නීති නිලධාරියකුගේ සිට තමන්ගේ වාහනය සඳහා රුපියල් ලක්ෂයක් දක්වා ඉන්ධන දිමනාවකුත් රුපියල් 20,000ක රියදුරු දීමනාවකුත් දෙනවා.
 
මෙම සියලූ දීමනා එක රුපියලකින් හෝ අඩුනොකර දීප ව්‍යාප්ත සේවා සහ විධායක සේවා නිළධාරීන්ට  ලබාදිය යුතුයි කියලා අපි රජයට අවධාරණය කරනවා.
 
එකට දොළහේ අනුපාතයට වැටුප් වැඩි කිරිම  මෙම ක්ෂේත‍්‍රවල නිළධාරින්ටත් ලබා දිය යුතුයි. එහෙම නොකළහොත් ඉදිරි සති දෙක තුළ අපේ සේවාවවන් 18 ක නිළධාරින් 35,000 සමඟ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවනවා යැයිද ඔහු කියා සිටියේය.


මෙම අවස්ථාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා, දීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ. එල් උදයසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුහ.
 



අදහස් (1)

නීති ක්ෂේත්‍රයට පමණක් වැටුප් වැඩිකිරිමට සංගම් 18 ක විරෝධය

sanath Thursday, 14 June 2018 05:30 PM

මේකට කියන්නේ ඉල්ලගෙන කනවා කියල. රජයේ සේවයේ එක කොට්ටශයකට විතරක් මාසෙකට අතට ලැබෙන මුදල දෙගුණයකට වඩා වැඩි කලාම අනික් හැමෝම ඇවිස්සෙනව කියල තේරුම් අරගෙන කටයුතු කලානම් මේවගේ විරෝධතා මතුවෙන්නේ නැහැ. කොහොමටත් මේ සියලුම දීමනා අනෙකුත් සමාන්තර නිලධාරීන්ට ලැබෙනතුරු ඔවුන්ගෙන් සතුටුදායක සේවයක් බලාපොරොත්තු විය නොහැකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි
2024 ජුලි මස 16 189 0

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විප


ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
2024 ජුලි මස 16 232 0

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනප


වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි
2024 ජුලි මස 16 755 0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් ස


ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 1451 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 922 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 614 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 96 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1823 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site