IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ අතුරුදන්

(නිමන්ති රණසිංහ)
 
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩ වූ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේප්පුවලට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(15) මුද්‍රා තබනු ලැබීය.
 
හේස්ත‍්‍රාත්වරයා විසින් අද (15) පෙරවරුවේදී මෙලෙස මුද්‍රා තබනු ලැබුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරයේ තිබූ සේප්පුව සහ තවත් කබඩ් කිහිපයකි.
 
අධිකරණය විසින් අදාළ නඩු භාණ්ඩ කාරමයේ තිබූ සේප්පුව සහ කබඩ් කිහිපය සීල් තැබීමෙන් අනතුරුව එහි වැඩිදුර විමර්ශනය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිද්ධිය භාරදී ඇත.
 
නිවසක් බිද රුපියල් පන්ලක්ෂ විසි එක්දහසක් වටිනා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය මගින් ඉකුත් මැයි මස 05 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලද බී-73270/4/17 නඩුවට අදාළව පී ආර් 2153/2017 දරන නඩුභාණ්ඩය එම නඩු භාණ්ඩ කාමරයෙන් මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
 
අදාළ නඩු භාණ්ඩය ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් ඉකුත් ජුනි මස 12 වැනිදා පී ආර් 2153/2017 දරන අංකය යටතේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරය වෙත භාරදී ඇතැයි ද අනාවරණය වෙයි.
 



අදහස් (2)

නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ අතුරුදන්

shammi Thursday, 16 November 2017 03:50 AM

රන්ජන් හරි...

:       3       27

ravi Thursday, 16 November 2017 06:37 AM

මෙන්න මේ හොරු තමයි ... ඉස්සෙල්ලම අල්ලගන්න තිබුනේ ..... !!! මේ වගේ දේවල් දිනපතා අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය වලටත් සිද්ද වෙනවා කියල අපිට හිතාගන්න පුළුවන් . ඉතින් මේ වගකියයුතු කන්තෝරු වල ඉන්න නිලධාරීන් ... මේවගේ නීච වැඩ කරන කොට , කොහොමද රටක් යහපත් මාර්ගයක ගමන් කරන්නේ ....... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1179 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1179 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site