බීරූට්හිදීය/ජීනිවාහිදීය (රොයිටර්)
සිරියානු රජයේ භට පිරිස් ආසන්න වීමත් සමඟ නැගෙනහිර ගූථා ප්‍රදේශයේ ජීවත් වූ සිවිල් වැසියන් දහස් ගණනක් ප්‍රදේශය අතහැර පලායමින් සිටින බව මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
කැරලිකරුවන්ගේ පාලනයේ තිබෙන ප්‍රධානතම ප්‍රදේශයක් වන නැගෙනහිර ගූථා ප්‍රදේශයට පසුගිය සති කිහිපයක කාලයේදී රුසියාවේ ද සහාය ඇතිව සිරියානු රජය දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඒ අතරවාරයේදී ඔවුන් ගොඩබිම් සටන් ද ආරම්භ කළ අතර මේ වනවිට පාබල හමුදා එම ප්‍රදේශයට ළඟා වෙමින් සිටින බව වාර්තා වේ.
හමුදාව තවත් කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ගමන් කරන බවත් නැගෙනහිර ගූථා ප්‍රදේශය කොටසක් අල්ලා ගැනීම මුලින්ම කරන බවත් ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන සිරියාවේ රජයේ හමුදාවල අණදෙන නිලධාරියෙක් පැවැසීය.
නැගෙනහිර ගූථා ප්‍රදේශයේ සිටින 400,000 කට ආසන්න ජනතාවක් පිළිගත නොහැකි සාමූහික දණ්ඩනය යටත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහනේ නිලධාරියෙක් පැවැසීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත වූ දින 30ක සටන්විරාමය කඩිනමින් ස්ථාපිත කරන්නැයි ද හෙතෙම අවධාරණය කළේය.
සිරියානු යුද්ධය මේ වනවිට අටවැනි වසරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර නැගෙනහිර ගූථා ප්‍රදේශය අල්ලා ගතහොත් එය ජනාධිපති අසාද් ලබන සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත. සිරියානු ජනාධිපතිවරයා මේ වනවිට ඉරානයේ සහ රුසියාවේ සහාය ඇතිව කැරැලිකරුවන්ගේ පාලනයේ පැවැති ප්‍රදේශ බොහෝමයක් නැවත අත්පත් කරගැනීමට සමත්ව සිටී.
පාර්ශව රැසක් මැදි වී සිටින සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් 2011 වසරේ සිට මේ දක්වා කාලයේදී සිවිල් වැසියන් සිය දහස් ගණනකට ජීවිත අහිමි කර තිබේ. අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය කඩා වැටුණද සිරියානු රජය, කැරැලිකරුවන්, අන්තවාදී කල්ලි සමඟ අභ්‍යන්තර ගැටුම් උග්‍ර වී තිබේ. එපමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්, ඉරානය සහ රුසියාව ද සිරියානු සිවිල් යුද්ධයේ පාර්ශවකරුවන් බවට පත්ව ඇත.
055
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැගෙනහිර ගූථා වැසියෝ පලා යති