IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ධීවර යාත්‍රාවක් පෙරැළී දෙදෙනෙක් මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පයාගල මග්ගොන තුඩාව වෙරළින් ධීවර කටයුතු සදහා ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් යුත් බෝට්ටුවක් අද (18)  දහවල් පෙරැළි යාමෙන්  දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් රෝහල් ගත කර ඇතැයි පයාගල පොලිසිය කියයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන තුඩාව පාර පදිංචව සිටි ඇන්ටන් ප්‍රසන්න ප්‍රනාන්දු (53) හා මග්ගොන පැලවත්ත පදිංචි සිටි නිරෝශන් ජයසූරිය (43 ) දෙදෙනායි.

බෝට්ටුවේ හිමිකරු වන ඇන්ටන් බැස්ටින් ප්‍රියන්ත(49) නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සදහන් කරයි .

මියගිය දෙදෙනා  රෝහල් ගත කරන සිටින බෝට්ටුවේ හිමිකරු සමග අද උදේ 7.30 ට පමණ මුහුදු ගොස් දහවල් 12.30 පමණ  නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී  ගොඩබිමට පේන තෙක් මානයේදී එකවරම බෝට්ටුව හමා ආ වේගවත් සුළගත් සමග විශාල දිය වැලකට අසුව පෙරලීමෙන් මෙම අනතුරුව සිදු වී ඇති බව පොලිසිය සදහන් කරයි .

එම අනතුර දුටු තවත් ධීවර බෝට්ටුවක පිරිසක් වහා එම ස්ථානයට පැමිණ දෙදෙනෙකු දැඩි ආයාසයක් දරා බේරාගෙන ගොඩබිමට ගෙන එන විටත් එයින් එක් අයෙකු මියගොස්ව සිට ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය .

එහි සිටි අනෙක් පුද්ගලයා වන බෝට්ටුවේ හිමිකරු  වහා නාගොඩ රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි .

එම බෝට්ටුවේ ගමන් ගත් අනෙක් පුද්ගලයා බෝට්ටුව පෙරලීමත් සමග අතුරුදහන් වී ඇති අතර පැයකට පමණ පසු ඔහුගේ මළසිරුර  එම බෝට්ටුවේ තිබූ දැල් වලට පැටලී තිබී සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .

අනතුරින් බෝට්ටුවට දැඩි අලාභහානි වී ඇති අතර එහි එංජිම දියබට වැටී සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි .

මියගිය පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ  පරීක්ෂණය කලුතර  මහා රෝහලේදී සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

ධීවර යාත්‍රාවක් පෙරැළී දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site