(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල ඇතුළු නිරිතදිග මුහුදු තීරයට බලපෑම් කළ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අනතුරට පත්ව මියගිය ධීවරයන් තිදෙනකුගේ සිරුරු හමු වී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 
අනතුරට පත්වූ ධීවර යාත්‍රාවේ සිටි එක් අයකු හික්කඩුවට පිහිනා පැමිණ ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ හා දොඩන්දූව පදිංචි ධීවරයන් තිදෙනෙකි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මුහුදු ගොස් නැවත ආපසු පැමිණීමට නොහැකිව තිබෙන බහුදින ධීවර යාත්‍රා දෙකකින් තමන් බේරාගන්නා ලෙස පණිවිඩ ලැබී ඇති බවයි. ඒ අනුව එම යාත්‍රා බේරාගැනීම සඳහා නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.