ක්වාලාලම්පූර්හිදීය/ටෝකියෝහිදීය (රොයිටර්)
තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින බව මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමද් අද (15) ප්‍රකාශ කළේය. සිරභාරයේ පසුවන මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් හෙට (16) නිදහස ලබන බව ද නව අගමැති මහතීර් මොහොමද් කීවේය.
තමන් වැඩි කලක් අගමැතිධුරයේ කටයුතු නොකරන බවත් තනතුර අන්වර් ඊබ්‍රහීම් ට ලබාදී තමන් ඉවත් වන බවත් මහතීර් මොහොමද් මීට පෙර පැවැසීය.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රහීම් දෙදෙනා වෙනස් අදහස් දරන බව වාර්තා වේ.
මෙම ආරවුල නිරවුල් කරමින් තමන් වසරක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව මහතීර් මොහොමද් කීය.
මහතීර් මොහොමද් සහ අන්වර්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ හතරකින් සමන්විත සන්ධානයක් වූ ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂ මහ මැතිවරණයෙන් ජය ලැබුවේ මහතීර් මොහොමද් ප්‍රජාතන්ත්‍රවාදීව ලොව තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත් කරමිනි. එමෙන්ම නිදහසින් පසු අඛණ්ඩව බලයේ සිටි ‘බරිසාන් නැෂනල්’ පක්ෂය මැතිවරණයකින් පරාජයට පත්වූ පළමු අවස්ථාව ද මෙය විය.
“මුල් අවධියේදී ඇතැම් විට මුල් වසරේදී දෙකේදී මම අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරනවා” යැයි ජපානයේ පැවැති ‘වෝල් ස්ට්‍රීට් ජර්නලයේ’ ප්‍රධාන විධායක නිලධාරී සමුළුව ක්වාලාලම්පූර් සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් මහතීර් කීය.
055
COMMENTS
අපේ පසුකාලීනව පත්වුණා නායකයන් තුන්දෙනාම කිවේ ඔය හා සමාන කතාවක්, විධායකය අහෝසිකරනවා කියලා නමුත් මේ තුන්දෙනාම ට්‍රයි කලා තමා ධුර කාලය වසරක් හෝ වැඩි කරගන්න.
මේක නම් අපේ මහින්දටයි - රනිල්ටයි දරාගන්න බැරි ප්‍රවෘත්තියක්...
එතුමා එහෙම පොරොන්දුවක් දුන්නානම් එය ඉර හද වගේ ස්ථීරයි. අයෙත් වෙනස් කරන්නේ නැහැ! එත් එහෙම වෙන්නේ මැලේසියාවේ!
අවුරුදු 92 ක් කියන්නේ ජීවිත අවදානම සීයට 90 ක් විතර ඒ නිසා උප ප්‍රධානියෙක් නම් කරගෙන තියෙන්න ඕනෑමයි.
බලමුකෝ කියන දේ කරනවද කියලා. එහෙම නැත්නම් අපේ කට්ටිය වගේ ටික දවසකින් කියපු දේවල් අමතක කරලා මැරෙනකම් ඉන්න හදනවද කියලා.
අපෙත් එක්කෙනෙක් ඉන්නවා මම ඉන්නේ අවුරුදු පහයි කිව්වා. හැබැයි දැන්නම් කතාව වෙනස්
දින 100ද?
අපේ මෑන් වගේ පස්සේ වෙනස් වෙයිද දන්නේ නැහැ.................
ඒකට අපේ එක්කෙනා. මැරෙනකන්ම ඒකෙම එල්ලිලා ඉන්න තමා බලන්නෙ.
අපේ අය කීවෙත් ඕකම තමා.
ලංකාවේ වෙච්ච කැඳ හැලිය එහෙටත්....සුපිරියට උඩගිය රට සුපිරියට බිමට.....
92 ක් වයසක්ද?, තවම කොලු වයසනේ .අරාබියේ නම් බදින වයස
අපේ එක්කෙනෙක් කිව්වා විශ්‍රාම යනවා කියලා නමුත් එක පසුව වෙනස් කලා. තමාගේ පෝස්ටර් ගහන්න එපා කිව්වා, දැන් ඕනෑතරම් ගහනවා සද්ද නැතුව ඉන්නවා. පළාත් සභා අපේක්ෂකයෝ වැඩියි කිව්වා වහාම වෙනස් කරන්න කිව්වා වුනේ නැහැ. ආර්ථික සභාව අහෝසි කරනවා කිව්වා නමුත් ඊයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් එය පැවත් වුනා. අනේ මගේ රටට ගිය කලක්...
මේ ප්‍රවෘත්තිය අපේ රනිල්ටයි, මහින්දටයි දරාගන්න බැරිවේවි. තව මොනවාද මෛයිත්‍රීට තමයි. එතුමා 2020ත් විශ්‍රාම යන්නේ කිවව.