(මොහොමඩ් ආසික්)
මහනුවර ධර්මරාජ විදුහලේ 11 වන වසරේ සිසුවකු තවත් සිසුන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. මහනුවර ධර්මරාජ විදුහල සහ කිංස්වූඩ් විදුහල අතර ක්‍රිකට් තරඟය අතර තුර දිය නෑමට ගොස් අතරුදහන්ව ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහලේ 11 වන වසරේ ඉගෙනුම ලබන ඩිලන්ත මුදලිගේ නැමැති 16 හැවිරිදි සිසුවකි.
ඔහු තවත් සිසුන් පස් දෙනෙකු සමඟ මහවැලි ගඟේ වරාතැන්න සීමා මාලකය අසල දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් තිබේ. අනෙක් සිසුන් ඔහු බේරා ගැනීමට උත්සාහ දරා ඇතත් එය අසාර්ක වී තිබේ.
අතුරුදහන්ව ඇති සිසුවා සෙවීමේ කටයුතු නාවික හමුදාවේ සහායෙන් 18 වැනිදා උදේ ආරම්භ කරන බව පොලීසය කියයි.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
207
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධර්මරාජ සිසුවා මහවැලි ගඟට බිලි
sarth Saturday, 18 March 2017 03:10 PM
ඉස්කෝලේ පූල් එකත් තිබිලත් පීනන්න ඉගෙන ගන්නේ නැත්තේ මොකද කොල්ලනේ ?
R.M.L.Ratnayake Sunday, 19 March 2017 01:08 AM
විද්‍යාලයට සහ දෙමාපියන්ට අවමානයක්.මේ ළමුන් අකුරු කියවන්න දන්නේ නැද්ද? වසරකට මෙතන කී දෙනෙක් මැරෙනවද.