( උපාලි ආනන්ද)
වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජමුතු දෙකක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටියදි එම ගජමුතු දෙකද සමග සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩි බාරයට පත් කර සිටින ග්‍රාම නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැරීම මහව අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරචිචි මහතා අද (20) යළි ප‍්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සැකකාර ග‍්‍රාම නිළධාරීන් දෙදෙනා තවදුරටත් ලබන ජනවාරි මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා සිද්ධිය සමිබන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද රහස් පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙසේ තවදුරටත් රිමාන්ඩි කළේ පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 394 මකුල්පොත ග‍්‍රාම නිළධාරි වසමේ ග‍්‍රාම නිළධාරිවරයා වන මහඑළිය ඉහමුදුගමුව පදිංචි ආර් පී චමින්ද ආරියරත්න සහ අංක 388 ග‍්‍රාම නිලාධාරි වසමේ ග‍්‍රාම නිලධාරිවරයා වන දොරෙවිරුව මකුල්පොත කොස්ගහඇල පදිංචි ඉන්දික සේනාධීර යන සැකරකැවන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ඒත් දළ පූට්ටුවාට අමතරව තවත් අලිඇතුන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා සහ අදටත් වෙනවා. ඒවා සඳහාත් මෙලෙසම නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
අද රාජිත ඇමති තුමා කියල තිබුන අලි මරණවට දඬුවම ජ්වීවිතාන්තය දක්වා හිර දඬුවම කියල. බොහොම හොඳ තීරණයක්. දල පුඋටුව මැරු අයට උපරිම දඬුවම් දිය යුතුයි
අර සිව්රුකාර නායකයා අත් අඩංගුවට ගන්නේ නැත්තේ අයි? දල දෙක අල්ලන කොටත් ඔතලා තිබුනේ සිව්රක නේද? එයා කෙලින්ම මේකට සම්බන්ධයි.