(විනීතා එම් ගමගේ)
කුඩා තේ වතු හිමියන්ට දළු නෙලීමේ යන්ත‍්‍ර හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.
මේ සඳහා ජපානයේ ජෙබෙක් බැංකුව වෙතින් ඩොලර් මිලියන 175 ක ණයක් ලැබෙන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා පැවැසීය.
මේ වන විටත් දළු නෙලීමේ යන්ත‍්‍ර නිපදවා ඇති බවත් තවමත් එය තේවතු හිමියන් අතරට ගොස් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
තේ වතු හිමියන් මේ යන්ත්‍රය පිළිබඳ දක්වන උනන්දුව ඉතාමත් අඩු බව කී සභාපතිවරයා ඊට හේතුව ලෙස හෙළි කර ගත හැකි වූයේ එම යන්ත‍්‍ර මගින් මසකට වරක් පමණක දළු නෙළිය හැකි වීම බව යැයි ද කීය.
සාමාන්‍යයෙන් සතියට වරක් බැගින් මසකට සිව් වතාවක් අතින් දළු නෙළිය හැකි වුවත් යන්ත‍්‍රයෙන් කපා ගෙන යාමේ දී දළු ඇදෙන්නේ මසකට වතාවක් පමණක් බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
සභාපතිවරයා මේ අදහස් පළ කළේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 16
72
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
872
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දළු නෙළීමේ යන්ත්‍ර හඳුන්වා දෙයි
dileepa Wednesday, 06 December 2017 04:45 PM
යන්ත්‍ර වෑඩක් නෑ අපිට කොහෙන් හරි මිනිස්සු ටිකක් ගෙනල්ල දෙන්න. යන්ත්‍රවලින් දලු කෑඩිම අසාර්තකයි.