( උපාලි ආනන්ද)
විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගොවියකු ඇප මත මුදා හැරීම කැකිරාව දිසා විනිසුරු සහ මහ්සේත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා අද(18) ප‍්‍රතික්ෂේප කළේය.
සැකකරු ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසට නියෝග කෙරිණි.
මොරගොඩ පොලිස් වසෙමි අලගොල්ලෑව 9 කනුව පදිංචි සමරකෝන් ගෙදර ප‍්‍රගීත් ශිරාන් (32) නමැති ගොවියකු එසේ රිමාන්ඩ් කෙරුණු අතර තම ඉඩමට පැමිණි දළ ඇතෙකුට විදුලි සැර වැදීමට සලස්වා එම දළ ඇතා ඉකුත් 8 වැනිදා මරා දැමූ බවට මෙම සැකකරු අත් අඩංගුවට ගනු ලැබූවේ මොරගොඩ පොලිසිය මගිනි.
මරා දැමුණු ඇතාගේ දළ යුගලයේ දිග අඩි තුනහාමාරක් පමණ වන බවත් ඇතාගේ වයස අවුරුදු 25 ක් පමණ වන බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය සහ වනජීවි නිළධාරිහූ එක්ව සිදු කළ මූලික විමර්ශනවලදි අනාවරණය විය.
COMMENTS
වගාවන්ට අලි හානි කරන එක රක්ෂණ අවරණයෙන් ගෙවන්න ඕනේ නැත්නම් වනජීවී එකෙන් අලි එලවන්න ඕනේ නැත්නම් විදුලි වැටක් ගහන්න ඕනේ ඇත්තටම ගෙදරින් විදුලිය අරන් එක සතා නොමැරෙන්න අලි වැටේ ක්‍රමේටම යොදාගන්න ගොවියන්ට තාක්ෂණ උපකරණ දෙන එකී වැඩ සුදුසු එක මහා ලොකු දෙයක් නෙවි
අනේ කරුණාකරලා මේ ගොවි මහතාටත් ඔහු ඇතාට කරපු දේම කරමුද?
මේ වගේ ගම්වල ඉන්න මිනිස්සුන්ට අලියා, මොණරා වගේ සත්තු තමන්ගේ සතුරෝ වගේ පෙනෙන්නේ. මේ විදුලි රැහැනට මිනිසෙක් නැත්නම් ළමයෙක් අහු වුනා නම් මොකද වෙන්නේ? මේ අලි මිනිස් ගැටුම් වල නොකියන කතාව තමයි අලි වැට හැදුවාම ඒකට ගමේ ඉන්න සමහරුම හානි කරන එක. අලි වැටේ කම්බි ඈත් කරලා හරක් දිගේලි කරනවා කැළයට. කම්බි කපන් ගිහින් විකුණනවා. අලි වැට මායිමේ අනවසරෙයෙන් වගා කරනවා. ස්වභාවික විල්ලු තෘණ බිම් ගිනි තියනවා. ඒවා කරලා අලි ගම් වදිනවා කියලා කෑ ගහනවා.