(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට වෙඩි තැබීමට යොදාගත් බවට සැක කරන ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ 30 ක් සමඟ මැගසිනයක් මත්තේගොඩ කුඩමාදුව වෙල් යායක බෝක්කුවක් යට තිබියදී ඊයේ (17) හමු වු බව මත්තේගොඩ පොලීසිය කියයි.
මත්තේගොඩ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය සංවිධානය කළ ශ්‍රමදානයක දි මෙම ගිනි අවිය හමුවී තිබේ.
ඩුබායි රටට පලාගොස් සිටින කඹුරුපිටියේ මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයකු විසින් මෙම ගිනි අවිය සඟවා තබන්නට ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයේ සතුට සොයන්න අයතා මාර්ග වලට පිවිසී එමගින්ම ජීවිතයත් කෙලවර කරගනිමින් තම දරුපවුල් වලටද ශෝකය උරුමකර දෙන සිද්ධීන් කොපමණ රටේ සිදුවෙනවාද ? මේවාගෙන් පාඩමක් ඉගෙන නොගෙන පුද්ගලයන් විනාස වෙන්නේ පළගැටියා පහන් එලියට අවුත් වැදි වැදී නැසෙනවා වගෙයි ..ජීවිතය සුන්දර ලෙස විඳින්න පුළුවන් ධාර්මික පුද්ගලයාට පමණි. එය මිනිසාට කල නොහැකි දෙයක් නොවේ.