IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිස්ත්‍රික් 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

(ඩයනා උදයංගනී, අමල් වික්‍රමරත්න, සිරංගිකා ලොකුකරවිට)

පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වනවිට  ගාල්ල ,මාතර ,රත්නපුර,නුවර එළිය ,බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇත..

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ,නාගොඩ යක්කලමුල්ල,බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ,කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද, මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව සහ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වැලිමඩ සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමෙ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව සඳහන්.

විශේෂයෙන් එම දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නාය යෑමේ  අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ වල ජීවත්වන  ජනතාව පවතින වැසි සහිත තත්වය අඛණ්ඩව පැවතුනහොත් එම ප්‍රදේශ වලින් ඉවත් වියයුතු බවත් ජනතාවට දැනුම් දෙයි.

පවතින වැසි සමඟ ඉදිරියේදී ඇතිවීය හැකි ඕනෑම ආපදා තත්වයකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ඒකකද සූදානම් කර ඇත.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් යම් හානියක් සිදුවුවහොත් ඒ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 1902 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දැනට විපතට පත්ව සිටින සියලු දෙනාට සහන සැළසීමට අවශ්‍ය උපදෙස් දිසාපතිවරු වෙත ලබා දී ඇතැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

දේපළ හානි සිදුව ඇත්නම් ඒ පිළිබඳ ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන වන්දි ප්‍රදානය කිරීමට ද කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

දිස්ත්‍රික් 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site