(ඩයනා උදයංගනී)
සුනාමි ආපදා අවස්ථාවකට මුහුණදීම සඳහා කලාපීය රටවල් සූදානම් කරවීමේ අරමුණින් ලෝකයේ රටවල් 28ක පවත්වන සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ශ්‍රී ලංකාවේ ද දිස්ත‍්‍රික්ක තුනක ග‍්‍රාම නිලධාරී වසම් 6 කදී හෙට (5) පෙරවරු 8.30ට පමණ පැවැත්වේ.
ඒ අනුව ගාල්ල දිස්ත‍්‍රික්කයේ හික්කඩුව , අම්පාර දිස්ත‍්‍රික්කයේ නින්තවූර් සහ මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග‍්‍රාම නිලධාරී වසම් දෙක බැගින් තෝරාගෙන මෙම පෙරහුරුව පවත්වන බව වාරිමාර්ග , ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පෙරහුරුව පවත්වන්නේ මෙම දිස්ත‍්‍රික්කවල පමණක් වුවත් එය පැවැත්වෙන මොහොතේදී දිවයින පුරා ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77 ම ක‍්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස මේ වන විටත් ජනතාව දැනුම්වත් කර තිබෙන බව ද කීවේය.
ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, කැමරුන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කර්, පාකිස්තානය, සිංගප්පූරුව, දකුණු අප‍්‍රිකාව ආදී සාගර කලාපයේ රටවල් 28ක් මෙයට සහභාගී වන අතර ශ්‍රී ලංකා පෙරහුරුව ආරම්භ වන්නේ ඉන්දියාවෙන් දැනුම්දීම ලැබුණු පසුව බව ද ඇමතිවරයා කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික (යුනෙස්කෝ) සංවිධානය, අන්තර් ජාතික සාගර විද්‍යා කොමිසම සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය එක්ව මෙම පෙරහුරුව සංවිධානය කර තිබේ.
සුනාමි ආපදාවක් ඇතිවුවහොත් සිදුවිය හැකි හානි අවම කිරීම මෙහි අරමුණ බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය දුමින්ද දිනාසායක මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිස්ත්රික්ක තුනකදී හෙට සුනාමි පෙරහුරුවක්
janahitha Tuesday, 04 September 2018 04:32 PM
ඔව් හෙට දේශපාලන සුනාමියක් තියන බව රටේ මෙන්ම ජනතාවත් දන්නවා.