බිඟුන් මේනක ගමගේ
මෙරටින් අයථා ලෙස බැහැර කර හොංකොංහි ජාත්‍යන්තර බැංකු ගිණුමක තැන්පත් කර ඇතැයි කියන ඩොලර් මිලියන 22ක මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එරට සංචාරය කර ඇතත් එහි ප්‍රතිඵල කිසිවක් රටට ඉදිරිපත් කර නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී රවී විද්‍යාලංකාර මහතා මහතා ඇතුළු පිරිසක් මෙසේ විදෙස් සංචාරයන්ට සහභාගී වී ඇති නමුත් අදාළ මුදල් නැවත අයකර ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග ගැන කිසිවක් සඳහන් නොවන්නේ යැයි සමරසිංහ මහතා කීය.
මහජන මුදල් වියදම් කරමින් විදේශවල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට විදෙස්ගතවීත් අදාළ පරීක්ෂණ සිදුනොවන්නේ නම් එය තවදුරටත් මහජන මුදල් අවභාවිතාවක් යැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරන්නැයි ඉල්ලා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියාට ලිපියක් යොමු කළේ යැයි ද කීවේය.
අදාළ පරීක්ෂණයට යන්නේ කාගේ බලපෑම මතදැයි පුරවැසියන් දැනගත යුතු යැයි ද ඒ අනුව එම තොරතුරු ඉල්ලමින් තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම්පත්‍රයක් යොමු කිරීමට දූෂණවිරෝධී හඬ කටයුතු කළේ යැයි ද සමරසිංහ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූෂණ සෙවීමෙනුත් දූෂණ වී යැයි දූෂණ විරෝධී හඬ කියයි
LOKA-HORA-RAVI-WIDYALANKARA Wednesday, 03 October 2018 09:50 AM
හොරු අල්ලනවා කියලා ගත්ත පගාව කට්ටියම බෙදාගන්න කොට ඒවා හොඳයි.. දැන් නරකයි.. මුදලාලිලාට ගෙව්වද දන්නෙ නැහැනේ...