(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
දුෂණ විරෝධී අධිකරණයක් තව දින කිපයකින් පටන් ගන්නේ යැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
අනෙකුත් දුෂණ විරෝධී අධිකරණත් ළගදීම පටන් ගන්නවා යැයි ඔහු කීය. අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
මට මේවා ඇහෙනකොට අනිත් කොනිනුත් හිනා යනවා. යුඇන්පියේ මෙයාට තීරණ ගන්න තියා හීනෙන් වත් හිතන්න බලයක් නැහැ. අඛිල වත් කිව්වනම් කමක් නැහැ.
මේවා තම විහුලු කියන්නේ. අලෝසියස්ලගෙන් සල්ලි ගත්ත එවුනුත් මේවට අයිතිද? කඹ හොරු රැලක්
හරි හරී ඔප්පු කරන්න තිබෙන ඒවා සුදානම් කරනතුරු දැනට කොමිෂන් සභාවලින් ජනතාව ඉදිරියේ ඔප්පුවෙලාතිබෙන ඒවායින් වැඩ පටන් ගමුකො. එහෙමනේද අජිත් මහතා?
දැන් තිබෙන ඒවා දුෂණ විරෝධී නෙවේද?
කරන්න ඕනේ මිනිහ කියකියා ඉන්නේ නැහැ. මෙයාලත් දැන් මහ බැංකුවෙන් නාගෙනනේ ඉන්නේ. මෙයාගේ ලොක්කත් කියන්නේ එහෙම රටේ ණය අඩුකරනවා. මෙහෙම රටේ ආර්ථිකය වැඩි කරනවා. අල්ලපු හොරුත් නැහැ. රටට කරපු දේකුත් නැහැ.
අධිකරණයන්හි පවතින දූෂණ මැඬලීම සඳහා අධිකරණයක් පිහිටවමු. එම අධිකරණයේ දූෂණ මැඬලන්න ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටවමු. එම කමිටුවේ අල්ලස් හා දූෂණ මැඬලන්න තවත් අධිකරණයක් පිහිටවමු. මේ විදියට දිගටම පිහිටුවගෙන පිහිටුවගෙන ධූරකාලය ඉවර වෙනකල් යමු. ආණ්ඩුව පෙරළිලා වෙන එකක් ආවාම ඒකටත් පැනලා මේ ක්‍රමයම කරගෙන යමු.