( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ ව්‍යවස්ථානුකූලද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කථානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අද අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
එසේම එම පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශනද ගොනු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකාර නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 10 ක් අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවිණි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබූ අතර නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු කරනු ලැබ තිබිණි.
විහාරස්ථාන ඇතුළු පුණ්‍යායතන වලට ලබා දී තිබූ බදු සහන ඉවත් කරමින් ,සුළු පරිමාණ සිල්ලර වෙළෙන්දාගේ සිට සෑම දෙනාගෙන්ම බදු පනවමින් ,එකී බදු එකතු කිරීම සඳහා රජයේ නිලධාරීන්ට අමතරව රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙන ඕනෑම අයෙකු බදු නිලධාරියෙකු ලෙස පත් කිරීමට අදාළ නව පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති බව පෙත්සමේ සඳහන් වෙයි.
එසේම යෝජිත පනත් කෙටුම්පත මඟින් ජනතාවට ලැබී තිබූ සියලූම සහන සහ වරප‍්‍රසාද අහිමි කිරීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇති බවත් සාංඝික දේපළවලින් පවා බදු අය කිරීමට සැලසුමක්ද පවතින බව පෙත්සම්වල සඳහන් වේ.
යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ,එය නියමාකාරයෙන් නීතියක් බවට පත්වීමට නම් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශිය ආදායම් පනත ගැන තීරණය කථානායකවරයාට