IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


‘දේශපාලනඥයින්ට ඇති පිළිගැනීම වාෂ්පවෙලා‘ - වික්ටර් අයිවන්

(කාංචන කුමාර ආරියදාස)

ශ්‍රී ලංකාව මේ වන විට විශාල අර්බුදයකට ලක්ව ඇති බවත් මෙම අර්බුදය නිසා මෙරට සමස්ත රජයත්  ආයතන ක්‍රමයක් විශාල බිඳ වැටීමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (06)  දඹුල්ලේ පැවැති සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.

දේශීය ප්‍රති නිර්මාණය කරමු  මැයෙන්  පුනරුදය  සංවිධානය මගින් දිවයින පුරා සංවිධානය කරන ලද  පුනරුද තරුණ තරුණියන් හමුවේ මෙම සම්මන්ත්‍රණය දඹුල්ලේ දී පැවැත්විණි.

මේ අවස්ථාවට දිවයින පුරා තරුණ තරුණියන් සහ විවිධ වයස් මට්ටම් වල 350ක් පමණ දෙනා සහභාගි වී සිටියහ.
මේ අවස්ථාවේදී  මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රටේ සෑම තැනකම කුණුවෙච්ච ගතියක් පවතින බවත් දේශපාලන නායකයන්ට පවතින පිළිගැනීම  වාෂ්ප වී ඇති බවත්ය.
කිසිදු නීති සම්පාදකයෙකු  ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් අවම වශයෙන් ගැසට් නිවේදනයක් හෝ නිසියාකාරව කෙටුම්පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද සඳහන් කළේය.
වර්තමාන  නායකයින්ට ප්‍රඥාව නොමැති බවත් මේ හේතුව නිසා විශාල අවුලකට රට පත්ව තිබෙන බවත්  හෙතෙම සඳහන් කළේය.



අදහස් (17)

‘දේශපාලනඥයින්ට ඇති පිළිගැනීම වාෂ්පවෙලා‘ - වික්ටර් අයිවන්

ranasinghe Sunday, 06 May 2018 02:01 PM

දේශපාලනඥයින්ට මොන පිළිගැනීමක්ද? අපේ රටේ වැඩි දෙනෙක් විවිධ අපරාධවලට සම්බන්ධ නිසි අධ්‍යාපනයක් නැති මැට්ටෝ... කීප දෙනෙකුට රට පාලනය ගැන දැනුමක් තිබුණත් ඔවුනුත් හවුලක් නිසා වියවුල් වෙලා. විශේෂයෙන් දැන් පවතින රජය පවත්වාගැනීම ඉතාමත් අසීරුවී ඇත්තේ රටේ ජනපතිගෙයි, අගමැතිගෙයි දියාරු ප්‍රතිපත්තියක් නැති රාජ්‍ය පාලනයයි. ඔවුන් රටේ බලය ලබාගැනීමට ප්‍රථම ජනතාවට දුන් පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකිරීම නිසා දේශපාලනඥයා හරියට අම්බරුවන් ගාණට වැටිලා..

:       1       210

RaveendraSunday, 06 May 2018 03:15 PM

රණසිංහ මයා වෙත, අපගේ මාතෘභූමියේ " දේශපාලනඥයින් " නොමැතිබව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. "දේශපාලනඥයා" යන වැදගත් වචනයට "පරිභව" කිරීමෙන් වළකින ලෙස නැවතවරක් ඉල්ලා සිටින්නෙමු. අප රටේ දැනට සිටින්නේ "දේශපාලකයන්" පමණක් බවටත් දැන්වීමට කැමැත්තෙමු. පහත සදහන් විග්‍රහය ඔබ විසින් හොඳින් කියවා තේරුම් ගනී යන්න අපගේ විශ්වාසයයි. (තමන් උපන් මවුබිමේ "දියුණුව, ආරක්ෂාව" යන ප්‍රධාන කරුණු පිළිබඳව සහ රටේ පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් ඥානාන්විත ලෙස තීන්දු, තීරණ ගන්න තැනැත්තා "දේශපාලනඥයා" නම් වේ. දැන් ඔබ හට වැටහෙන්නේ අපේ රටේ සිටින්නේ අපේ ආදරණිය මවුබිම විනාශ කරන දේශපාලකයන් රැලක් නොවේද?

:       24       248

upaliSunday, 06 May 2018 03:49 PM

අපේ රටේ ඉන්නේ දේශය පාලුකරන්නන්ය.

:       0       7

BamunuarachchiMonday, 07 May 2018 03:29 AM

මෙතන වෙලා තිබෙන්නේ තමන් කිසිදිනක බලාපොරොත්තු නොවූ තනතුරක් සමහරෙකුට ලැබීමයි. ඉතින් තමන්ම දන්නේ නැහැ මොනවද කළයුත්තේ නොකළ යුත්තේ කියලා...? දැන් සිරිසේනගේ කඩු වැනිල්ලෙන් කී දෙනෙක් කැපුණාද? හොරු ඔය හිටියාටත් වඩා හොඳින් ඉන්නේ...

:       0       33

කනිෂ්ක Monday, 07 May 2018 06:29 AM

අපේ රටේ දේශපාලකයින් ඇත්තෙම නැත. ඇත්තේ පොලිටික්ස් කරන්නන් පමණි. මෙය ඔවුනට ක්‍රීඩාවකි. පොලිටික්ස් කතා අපි නිරතුරුවම මාධ්‍යයෙන් දකින්නෙමු. මේ ක්‍රීඩාවේ යෙදෙන්නන් රාජ්‍යයේ ද, රාජ්‍ය ආයතන වලද මෙන්ම පෞද්ගලික ආයතන වලද සිටි. පොලිටික්ස් යනු, ඔවුනගේ සැබෑ අන්‍යන්තාවය යි. අපි ඇත්ත ඇති සැටියෙන් දකිමු.

:       0       68

Raveendra Sunday, 06 May 2018 02:58 PM

අපගේ මවුබිමේ දේශපාලනඥයින් නොමැති බව ඔහේ නොදැන සිටීම කණගාටුවකි. සිටින්නේ දේශපාලකයන්ය. "දේශපාලනඥයා " යන වැදගත් වචනයේ අර්ථයවත් නොදන්නා මේ අම්බරුවන් රැල පිළිබඳ නොදැනීම පිළිබඳව අප නැවත වරක් "පැරණි රතු අයියා" ගැන කණගාටු වන්නෙමු. තවද ඔහෙලගේ රතු මල්ලිලාත් මේ අම්බරුවන් 225 ට ඇතුළත් බවත් දැන්වීමට කැමැත්තෙමු.

:       206       545

Mahee Sunday, 06 May 2018 03:25 PM

දේශපාලකයින් ගැන විතරක් නෙමෙයි, අපි නම් මාධ්‍ය ආයතන ගැනත් කල කිරිලා ඉන්නේ. ඔබ වැනි එඩිතර මාධ්‍යවේදීන් කීපදෙනෙකු හැරුණාම වැඩිදෙනෙක් කරන්නේ කාට හෝ කඩේ යාමයි. රාජ්‍ය මාධ්‍යය ගැන නම් කියන්නම දෙයක් නැහැ.. නමුත් ස්වාධීනයි කියන, අපි ඇත්තමයි කතා කරන්නේ යැයි කියන, අපි කාටවත් බය නැහැ කියන මාධ්‍ය මුදලාලිලාගෙන් කවුද නාගානන්ද කොඩිතුවක්කු, සුගන්ධිකා ප්‍රනාන්දු වගේ අයගේ 'උසාවිය නිහඬයි' වර්ගයේ හෙලිදරව්වකටවත් ප්‍රචාරයක් දෙන්නේ?

:       32       365

RahulSunday, 06 May 2018 10:42 PM

චෞර රැජින ලිව්වට ඒ ගැන සද්දයක්වත් නැතුව තමයි රැජින ඇතුළු පිරිසට සහයෝගය දුන්නේ. දැන් ඔය වර්තමාන නායකයන්ට මොලේ නැහැ කිව්වට වැඩක් නැහැ. ඔවුන්ව පත්කරන්න කියල රට වැසියන්ව උසි ගන්වන අවස්ථාවේ ඕව හිතන්න තිබුනා. මහින්ද එලවන්න විතරයි මෙයාටත් ජේ වී පී එකටත් තව දැන් රට ගැන දුක්වෙන බොහෝ දෙනාටත් ඕන වුනේ. මහින්ද නරකනම් ඔහුව එපා කියන්න හැබැයි නියම විකල්පයක් හොයන්න තිබුනා. ඉඟුරු දීල මිරිස් ගත්ත කියලා දැන්වත් පිළිගන්න. ඒ වගේම වර්තමාන නායකයන්ට විතරක් නෙවෙයි ඔවුන් පත්කරන්න මුල්වුන තමන්ටත් මොලේ නැහැ කියලත් පිළිගන්න.

:       2       238

sachith Sunday, 06 May 2018 03:36 PM

මේ රටේ ඉහළ ඉඳලා ප්‍රාදේශීය සභාවට වෙනකම් ඉන්න හොර පාලකයෝ ටික එක පාරම පිටසක්වල ජීවින් අරන් ගියොත් ඔන්න එදාට මේ රට හැදෙයි.

:       0       138

පුෂ්පකුමාර Sunday, 06 May 2018 03:42 PM

දේශපාලකයින්ට පමණක් නොවේ... දේශපාලකයින්ට කඩේ යන අයටත් ඔය කියමන වලංගුයි. ඒ වගේම ජන මාධ්‍යය මඩ ගැසීමේ කලාව කරගනිමින්, මාධ්‍යය බඩ ගෝස්තරය කරගෙන ජනතාව ගොනාට අන්දවන බෝතල් පත්තරකාරයින්ටත් ඔය කියමන අදාලයි.

:       0       91

sanath Sunday, 06 May 2018 05:34 PM

මුළු ලංකාවම හරි මඟට ගන්න නම් අපේ ඔරලෝසුව 1970 ට විතර ආපස්සට කරකවන්න ඕනෑ. ඒ කාලේ මිනිස්සු දේශපාලනය කලේ තමුන් වැජඹෙන්නේ නැතුව මහජනයාට සේවයක් කරන්න විතරයි. හතර පාරක්ම අගමැති වුණු ඩඩ්ලි සේනානායක මහත්තයා මැරෙනකොට බැංකු පොතේ තිබුණේ රුපියල් 418ක් විතරයි. උප්පත්තියෙන්ම කෝටිපතියෙක් වුණු එතුමා මුළු ධනයම වියදම් කළේ රට වෙනුවෙන්. දැන් කාලේ ප්‍රාදේශීය සභාවට පත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක් මන්ත්‍රී වෙලා අවුරුදු 5 අවසාන වෙනකොට කෝටිපතියෙක් වෙනවාමයි.

:       0       32

Chanak Los angeles Sunday, 06 May 2018 05:41 PM

මොහු එක්තරා දේශනයකදී කියා තිබුණා අපි කලේ අසාර්ථක කැරැල්ලක්... එය නොකළ යුතු දෙයක් කියා.. ඔව් එම අසාර්ථක කැරැල්ලට තරුණ තරුණියන් බාරගෙන පොළඹවා බිලිදී ඔවුන් වැනසුවාට එම අසාර්ථක කැරැල්ලට ජීවිත පුජා කළ අය මතින් ගොඩ ගියේ මොහුයි ...

:       0       17

විකුම් රංගන Sunday, 06 May 2018 07:35 PM

දේශපාලන පක්ෂ, හා පක්ෂ නායකයින් අදහන ගෝත්‍රිකයින් ඉන්න රටකට තිරසාර අනාගතයකට ගමන් කරන්න ඉඩක් නැහැ, පක්ෂ දේශපාලනයෙන් හා තක්කඩි කමින්, ඉරිසියාවෙන් කුහක කමින් අනෙකට වල කපන කඩාකප්පල් කාරයින්ට පැවැත්මක් තියෙයිද? ජනතාවගේ කුණු රසය ඉස්මතුකරන කැලෑ පත්තර කාරයින් මහා ඉහලින් වැජබෙන, සමාජයට ලොකු ටෝක් දෙන සමාජ චුන් කාරයින්ට මඩු වලිගෙන් ගසා පන්නා දැමිය යුතු සමයකයි අප මේ ජීවත් වෙන්නේ. දේශපාලකයින්ට කලින් වාෂ්ප විය යුත්තේ ඒ දේශපාලකයින්ව කරලියට ගෙනා, හා ඔවුන්ව බලයට ගෙන්න තටමන මිනිස්සුන්ටය.

:       0       5

ධනුෂ්ක Monday, 07 May 2018 02:43 AM

එ්ක අැත්ත. කවුරු පිලිගත්තත් නැතත් අැස් පනාපිට වෙන දේ කියන්නම්. නිදහස් පක්ෂය අවසන් ගමන් යමින් තිබානවා එ.ජා.ප එහෙම්මමයි. ඔයාලට පේනවද මේ පක්ෂ ගොඩගන්න නියම නායකත්වයක් පේනතෙක් මානයක තියවද. ඉන්න ඔක්කොම පුද්ගලික අරමුණු වෙනුවෙන් වැඩ කරන බඩගෝස්තරයින් එ්කනේ අැමතිකමක් නොමැති වුනාම නාහෙන් අඬන්නේ. මැයි දිනය සමරන අාකාරයෙන්ම එ්ක පෙනෙනවා. පක්ෂවල ගම්මට්ටමේ බලකනු දැන් කිසිම දේකට යන්නෑ. පොහොට්ටුව ගත්තත් රාජපක්ෂ මහතගේ අාර්ෂණය මත විතරයි පවතින්නේ. එ්ක ඔවුන් පිලිගන්නවා එ්කනේ ඔවුන් කියන්නේ රාජපක්ෂ මහතා කිව්වොත් පොල් ලෙල්කට හරි මිනිස්සු ඡන්දෙ දෙනවා කියලා. එ් කියන්නේ මිනිස්සු ගරු කරන නායකයන් දැන් නෑ. සියලු අායතන පද්ධති කඩා වැටිලා අපි මේ යන්නේ ලොකු විනාශයක් කරා.

:       0       0

Nuwan Monday, 07 May 2018 06:18 AM

දේශපාලනඥයින් ගේ කිසිදු වැරද්දක් නොමැත , ඇත්තේ ඔවුන් පත්කර හරින ජනතාවගේ නුගත්කමයි , අවිචාරවත්කමයි ,ඥානාන්විතව තීරණ ගැනීමට ඇති නොහැකියාවයි. මිට සම්පුර්ණයෙන් වගකිවයුතේ ඡන්දබලය හිමි ජනතාවයි.

:       14       38

kalani withanagei Monday, 07 May 2018 07:06 AM

ප්‍රවීන දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතාගේ ප්‍රකාශය ගැඹුරින් සාකච්ජා කළයුත්තකි. ලාංකික දේශපාලන දේහය පුරා පැතිරී ඇති වේදනාත්මක කුෂ්ට රෝගය ආරම්භ වුයේ 1977 නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමේදී සිදු වූ අදුරදර්ශී ක්‍රමවේද නිසාය. විටින්විට කැසීමෙන් වින්දනය ලැබූ පාලකයෝ ලාංකික සමාජය පිළිගත් සංකෘතික, ආගමික, ආර්ථික හැසිරීමේ යථා ස්වභාවය තේරුම් ගැනීමට තරම් රාජ්‍ය තාන්ත්‍රික නොවුහ. පරාර්ථය වෙනුවෙන් අවංකව දේශපාලනය කල මහත්වරු වෙනුවට "සුදු කරපටි පැළඳි මහත් හොරු' හොරකම කිසිදු ලැජ්ජාවකින් තොරව පෙරට ගත්හ. වත්මන් පාර්ලිමේන්තුවේ 225 දෙනාම නොවැදගත් පිරිසක් නොවේ. උසස් අරමුණු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම අතේ ඇඟිලි ගණනට වඩා අඩු බව ඇත්තය. ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකම වසර 70ක් පුරා ගෙන ගිය මජර පාලනයත්, ඔවුන් නැවත නැවතත් බලයට පත් කරමින් ,අත්පොලොසන් දුන් අත් දෙකම කම්මුලට තබා ගනිමින් පසු තැවෙන ප්‍රබුද්ධ පුරවැසියෝ වූ අපි.

:       3       4

kiki Monday, 07 May 2018 08:38 AM

රාහුල් මහත්තයා ඔබ නිවැරදියි.. ලෝක හොරු තමයි.. මගේ ළඟ නෑදෑයෝ ගාල්ලේ, පාසලෙත් හොරකමට වාර්තා තියපු කිසිම ආත්ම ගරුත්වයක් නැති කෙනෙක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site