IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


’දිවයින පුරා චෛත්‍ය 25 ක් ඉදිකරනවා’ - සජිත්

(අංජුල මහික වීරරත්න)


උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි චෛත්‍ය 25 ක්  ඉදිකරන  බව  නිවාස හා ඉදිකිරිම්  අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා  මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය.
 
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් මෙම වැඩසටහන ආරම්භ කරන බව කී අමාත්‍යවරයා වැවයිල දා ගැබයිල  ගමයිල  පන්සලයි  සංකල්පය අනුව  දා ගැබ කේන්ද්‍ර කරගනිමින් ගම ස්වයංපෝෂිත කරන වැඩසටහනක් අරඹන බවද  කීය.
 
ඒ අනුව පළමු චෛත්‍ය ඉදිකිරීම් ලබන ජුනි 23 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කර වසර වසරක් ඇතුළත රටපුරා දිස්ත්‍රික් 25 තුළම  චෛත්‍ය 25 ක් ඉදිකිරීමට නියමිත බවද පැවසීය.
 
 සෙත්සිරිපායල බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේදි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (14)

’දිවයින පුරා චෛත්‍ය 25 ක් ඉදිකරනවා’ - සජිත්

de silva Wednesday, 13 June 2018 09:08 AM

මේ චෛත්‍ය 25 හැදුවහම, රටේ මිනිස්සු ධාර්මික වේවි. දේශපාලකයෝ රජයේ නිලධාරී කොමිස් පගා ගැහීම නතර කරාවී රට දියුණු වේවි. මේක තමා අපට තිබෙන ලොකුම අඩුව, හදන්න ඉක්මනට.

:       440       430

Matipahana Wednesday, 13 June 2018 09:28 AM

මොකටද ඒ ? ඒ සල්ලි වලින් ෆ්ලැට් හදල ගෙවල් නැති මිනිස්සුන්ට දෙන්න, පින් ඕනනම්.

:       338       314

Sunil gamini Wednesday, 13 June 2018 09:42 AM

ජනතාවගේ සල්ලි වලින් කරන්න ඕන තරම් වැඩ තියෙද්දි මොනාද මේ කරන වැඩ.

:       90       132

Ruhunu Wednesday, 13 June 2018 10:23 AM

තවත් ඉදිකරේ නැතිවට කමක් නෑ........පුලුවන්නම් තියෙන ටික ආරක්ෂා කරලා දෙන්න..

:       87       252

lalithsjm Wednesday, 13 June 2018 10:54 AM

කලොත් කරන්නේ මේ වගේ හොද වැඩමයි. දැන් රටට හොදටෝම හොදවෙයි.

:       47       36

rocky Wednesday, 13 June 2018 11:14 AM

හැමෝම ඔය වගේ චෛත්‍යන් හදාගන හදාගන ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ මහා මුහුදේ! අනේ මහත්තයෝ බොරු බයිලා නැතුව මිනිසුන්ගේ මේ ආත්මේ ජීවිතේ යහතින් ගතකොරන්න පුළුවන් වෙන විදිහේ යමක් කොරන්න. අනිත් ආත්මේ කටයුතුතු මිනිස්සු තම තමන් බලා ගනීවි.

:       145       83

chathuri Wednesday, 13 June 2018 11:19 AM

මෙවැනි දේවල් තම තමන්ගේ මුදලින් හදන්න ජනතාවට. ගෙවල් හදන්න මුදල් වෙන් කරගෙන මේවා කරලා හරියනවද මිනිස්සු කන්න, බොන්න, බෙහෙත්, නැතිව දුක් විදිනවා මෙහෙ රට වටේ චෛත්‍ය හදනවා ගම ඇතුලට යන්න මිනිසාගේ දුක බලන්න.

:       65       39

jiwan Wednesday, 13 June 2018 11:48 AM

ඉතා හොඳ වැඩක්. මග ඉන්න බල්ලෝ බිරුවට ගමන නතර කරන්න එපා.

:       109       165

sirimal Wednesday, 13 June 2018 11:48 AM

තාත්තාගේ ලෙඩේ පුතාටත් බෝවෙලා වගේ. දවස් පතාම හැම මාධ්‍යයකම නමත් පින්තුරයත් තිබුනේ නැත්නම් නින්දයන්නේ නැති අසනීපය බෝවෙලවත්ද?

:       82       105

Mohomad Wednesday, 13 June 2018 12:05 PM

ඒවා නම් බොරු වැඩ...

:       28       1

Bamunuarachchi Thursday, 14 June 2018 12:16 AM

තාත්තාට පින්පිණිස මහජන මුදලින් චෛත්‍ය 25 ක්... මෙන්න රටේ රැකියාවල් නිෂ්පාදන ඇතිකරන සංවර්ධනය. රටේ නායකත්වය ලැබිය යුතුයි කියා මිනිසුන් කියන පුද්ගලයා නියමයි නේද?

:       0       0

kalani Thursday, 14 June 2018 03:46 AM

කරන්නම දෙයක් නැත්නම් ගස් සෙවනක බිම හිඳගෙන අකුරු කරන දිලින්දන්ගේ ' ළඟම පාසල හොඳම පාසලක් තෝරා ගෙන පිළිසකර කරදෙන්න.

:       0       0

rocky Thursday, 14 June 2018 04:01 AM

ජීවන් උන්නැහේ. ඔහේගේ ඉඩමත් දෙන්න වෙහෙරවල් හදන්න.! නැත් නම් ඉඩම විකුණලා මුදල් දෙන්න ඔය වැඩේට! ඉක්මනට නිවන් යන්න පුළුවන් වේවි!

:       0       0

Sapumal. Thursday, 14 June 2018 01:34 PM

කලණි,එහෙම කරලා ළමයි විශ්ව විද්‍යාලේ ගියයි කියමුකෝ.ඒත් ඔයාගේ රතු කට්ටිය ඒ අයව පාර දිගේ ගෙනිහින් අරගල කරවයි නේද ? ඊට වැඩිය හොඳයි පොඩි එවුන් ටික ගමේම හිටපුදෙන්.පොඩි කට්ටිය ස්ට්‍රයික් කරන්න ගිහිල්ලා "අඳ බාලයන්" වෙන්නේ මොකටද නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1123 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site