(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙළ සිසුවෙකු පසුගිය 29 වැනි දා සිට අද (1) වනතුරු අතුරුදන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිලි ලැබී ඇත.
පසුගිය 29 වැනි දා සවස එම පාසල් සිසුවා යාපනය කච්චේරිය අසල පිහිටි ස්ථානයකට පාපැදියකින් දර රැගෙන ගොස් ඇති අතර දර ලබා දීමෙන් පසුව එදින අඳුර වැටී ඇති හෙයින් නිවෙස් හිමියන් විසින් පාසල් සිසුවාට එම නිවසේ නවාතැන් දී ඇති අතර පසු දින (30) අලුයම 5.30ට පමණ පාසල් සිසුවා විසින් එම නිවසෙන් පිටත් වූ බවට නිවෙස් හිමියන් විසින් යාපනය පොලීසියට පවසා ඇත.
කිලිනොච්චිය පුනරීන්හි 6 කණූව ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් ජෙයරාජ් නැමති සිසුවා ඉගෙනුම ලබන්නේ පුනරීන් විග්නේස්වරා විදුහලේ උසස්පෙළ පන්තියේය.
කෙසේ වෙතත් 30 වැනි දා පිටත් වූ පාසල් සිසුවා දින තුනක් නොමැතිවීම නිසා පුනරීන් පොලීසිය හා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවට කරදරයක් නොවේවා කියලා පතනවා.