ජුඩ් සමන්ත
වයස අවුරුදු 7 යි මාස 2 ක දැරියකට අතවර කළ බව කියන 48 හැවිරිදි අයකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය - දංගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු තම කුඹුරට ගොස් ආපසු නිවස බලා යන විට දී දැරිවිය තම නිවසේ තනිවම නිදා සිට තිබේ.
එය දැක ඇති සැකකරු පැමිණ දැරිවියට අපරාධය සිදු කර පලා ගොස් ඇත. පසුව දැරිවියගේ මව්පියන් මේ බව දැන ගෙන පොලීසියට පැමිණිලි කර තිබේ.
අතවරයට පත්ව ඇති දැරිවිය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරු චීවර ධාරියෙක් නම් ඔහුට රටේ නීතිය අනුව දඬුවම් කරන්න බැරිලු. සංඝාධිකරණයකින් බුද්ධ නීතිය අනුවලු දඬුවම් කරන්න පුළුවන්!