(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියෙකුගේ දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දමන බවට සහල් මෝල් හිමියාට දුරකථන ඇමතුම් මඟින් තර්ජනය කර රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි තරුණයෝ දෙදෙනෙක් අද (26) අලුයම අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි.
අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
එක් සැකකරුවෙකු දුරකථන සමාගමක සිම් කාඩ්පත් අලෙවි කිරීමේ ව්‍යපාරයක නිරත අයෙකු බවත් ඔහු වෙනත් අයට සිම්කාඩ්පත් අලෙවි කිරීමේදී ලබා ගත් ජාතික හැඳුනුම්පත් අංක උපයෝගී කරගෙන වෙනත් ජංගම දුරකථන සමාගමකට අයත් සිම්පත් මිළදී ගෙන ඒවා භාවිතා කොට කප්පම් ඉල්ලීම සඳහා දුරකථන ඇමතුම් ලබා ගෙන තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.
අනෙක් සැකකරු හබරණ නගරයට නුදුරු පදිංචිකරුවෙකු බවත් ඔහු සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ අයෙකු බව හෙළිවී තිබේ.
මොවුන් විසින් මීට පෙරද ව්‍යාපාරිකයාට තර්ජනය කර කප්පම් මුදල් ලබාගෙන ඇත්ද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරිහු පැවසූහ.
COMMENTS
මේ අයට උසාවි ගෙන්වා සිරදඩුවම් ලබා දීම කිසිවිටක නොකළ යුතුය. මන්ද මේ ආකාරයේ ක්‍රියාවන් කල පුද්ගලයන් සිරගත කල විට එය ඔවුන්ගේ වැරදි මග ඔප්නන්වාගන්න පන්නරයක් කර ගන්න නිසාවෙනි. ඒ නිසා මිනී මැරුම්, පැහැරගැන යාම්, තර්ජනය කර කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ගෙන්වන්නම් හා බෙදා හරින්නම් යන පුද්ගලයන් සදහා මරණ දඩුවම වහා ක්‍රියාත්මක කල යුතු අතර වහාම මරණ දණ්ඩනය බලාත්මක කල යුතුය. බුදු දහම හොවා දක්වමින් දාමරිකයන් ආරක්ෂා කිරීම රටටත් ජාතියටත් ආගමටත් කරන විශාල විනාසයකි. මරණ දඩුවම ක්‍රියාවේ නොයොදන්නේ බුදුදහම මුල්කොට ගෙනම අද රටේ සිදුවන සිදුවීම් බලන විට මේ රට බෞද්ධ යයි කිසිවෙක් පිලි නොගනී
මෙවැනි අයට උපරිම දඬුවම් ලබාදෙන්න කියා ගරු නීති සම්පාදකයන්ගෙන් ඉල්ලසිටිනවා, මෙවන් අය සමාජයට බරක්....!!!