චන්දන ප‍්‍රනාන්දු
වයස අවුරුදු 15 ක දැරියක් මුදලට අලෙවි කළැයි කියන ත‍්‍රීවිල් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹරවිල ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
තම ඥාති දියණියක්ව ත‍්‍රිවිල් රථයක දමාගෙන හෝටලයකට රැගෙන යන බවට අගතියට පත් දැරියගේ ඥාතියෙක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ත‍්‍රිවිල් රථ රියදුරාගේ අනියම් බිරිඳ කියන තැනැත්තියක්වද මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බවට තිබෙන තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කීය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පළමු වරට දැරියගේ නිවස අසල පදිංචි සැකකරු හා ඔහුගේ අනියම් බිරිඳ කියන තැනැත්තිය විසින් කොස්වත්ත ප‍්‍රදේශයේ ලැඟුම්හළකට දැරියව ගෙන ගොස් ඇති බවත් එදින දැරියව විවිධ පුද්ගලයන්ට අලෙවි කර නිවසට පැමිණිමේදී රුපියල් 4000ක මුදලක් දැරියට ලබා දී ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
මෙම බාලවයස්කාර දැරියව මිලදී ගෙන අතවරයට ලක්කළ පුද්ගලයන්වද සොයා පරික්ෂණ සිදු කරන බවත් දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගත කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ පොලිසියත්, නීතිය ක්‍රියාත්මක කරවන නිලධාරීනුත්, අනෙක් වගකිව යුත්තන්ද තවමත් සිටින්නේ තද නින්දේයි. මේ සමහර ත්‍රීවීලර් රියදුරන් මට්ටු කරන්න ක්‍රමයක් තවම ක්‍රියාත්මක කර නැහැ. ඔය හුටු හුටුව රෑට ගෙයක් ළඟ නැවත්තුවාම මිනිස්සු හොඳටම බය වෙනවා. ඇතුලේ ලයිට් එකක් නැහැ. ඕනෑම අපරාදයක් කර,ගෑනු පැහැරගෙන යන්න කියාපු වාහනය. පොලිස් සයිරන්, ඇම්බියුලන්ස් නලා, කාර් හෝන් ආදිය සවිකිරීමෙන් ඇතිවෙන ශබ්ද දුෂණයේ නිමාවක් නැත.
මෙය සැබවින්ම කණගාටුදායක පුවතක්. මේ දැරිගේ දෙමව්පියන් ඇයට මෙතරම් අපරාදයක් සිදුවෙනකම් නිකම් බලාගෙන සිටියද? අද රටේ ත්‍රීවීලර් මිලියනයකට අසන්න ප්‍රමාණයක් තිබෙන අතර, ඒ සියල්ල සෝදිසි කිරීම ප්‍රයෝගිකව පොලිසියට කල හැකි දෙයක් නොවේ. මෙවැනි අපරාද අද බහුල වීමට එක හේතුවක් නම්, මව් පියන් මුදල් සොයා විදේශ ගත වීමයි. මේ සිද්දියට සම්බන්ද සියලු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලැබේවායි ප්‍රර්ථනා කරමි.
මේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ ලංකාවේ නඩු අහලා ඉවර වෙනකොට අවුරුදු ගණනක් යනවා. රිමාන්ඩ් එකට දැම්ම ගමන් අනිත් මිනිසුන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මොහුට රජකාලේ දඩුවමක් දෙන්න ඕනේ